Tuesday, October 14, 2014
ඇදුමක් අනුරුවක් හා ගැහැනියක්
වීදුරු බිත්තියෙන් ඇතුලත
කවන්ධ අනුරුවක ඇගලා ඇත
මා කැමතිම ඇදුම් හා ඇගලුම්
හිතින් සවිකර මහිස ඒ සිරුරට
හැඩ වැඩ බලමි තාලයට ඇවිදිමි
තනියෙන්ම හිනා වෙමි
කැඩපතක් කරගෙන තුරුනු හිත
සැප රැදුන මැදුරක
ඉඩ කඩ ඇතිව සුපිපුන
තුනු කයක හැඩනිල
සීරුවට මැන කොවකට ගෙන
වක්කර පෙරාගත් අනුරුවකි
හිස නැතත් ඔය කය
එහිම අනුපිටපත්ය
මේ ඇදුම් හාඇගලුම්
සරු නිසරු කාල පරතර අතර
මහත් වී හීන් වී ගැට ගැසුනු
තදියන් පෙම්වතුන් අත
මිරිකුනු තැලුනු ඇද උන
දරු වැදූ බත ඉයූ දර පැලූ
දුකින් පිරියම් කල
ජීවිතේ සැබෑ සිරුරත හැඩනිල
මනින්නට මාන නැත කෝදු නැත
අනුරුවකට කොටු කල නොහැක
එහෙව් සිරුරට ඔය ඇදුම
ජීවිතේ සැබෑ කඩතොලු උලුප්පා
කිසි අන්ගපුලාවකට නැති
විකාර රුවක්ම මවනු ඇති
නැවත සිටුවා මහිස
එහිසට උරුම සිරුරට
පියනගමි බැහරට
අන් ඇදුමකට හිරවෙන එක
සැබෑ රූපය ට හොරකරනඑක
උරුමය තමයි අපි වගෙ ලදුනට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment