Tuesday, May 4, 2010

සොදුරු ගඟවතියනි........


සැලෙන සුලලිත ගලන මග වලකවිතැයි
පව්රු පදනම් බැද රූ රුසිරු වහන් කරතැයි
රළු සැඩ රළ මුගුරු පහරින් බැට දෙමින්
හද ඝන මැට්ට සෙමෙන් දියකර හරිමින්
වෙර බදිති - පලි ගසති ඟගඉවුරටම නිති
සොදුරු ගඟවතියො පේවී සැදී පැහැදී හිද

ඟගඉවුර දඩු වැටක් නොව සැබැවින්ම
පිරිමි ලොකය ඔබව වටකොට ඇටවුව
සොදුරු ගඟවතියනි
ඒ ඝන බාහිර රේඛාව
ඔබගේමය
මිහිමත මත ඔබසිතුවම
හැඩට තිරකොට අදින

සොදුරු ගඟවතියනි
නුදුරේම දිනක තෙපි
සියතින්ම දියකොට
සිදුරු කොටගෙන මේ සුමුදු කවචය
වැගිර වැතිරී ගලාගෙනගොස්
සමතලාකොටගෙන මිහිතලය
දිවිනසා ගනු ඇත කතරක් කරමින්ම මෙදියත

4 comments:

  1. oh,oya lassana sinidu wachana paawichci karala tiyanawa, gagawal aluthen hithanna patan ganee. oyage chireth hugaaak lassanai. good luck susantha.

    isuru

    ReplyDelete
  2. ලලිතව සුමටව ගලන ගඟම
    පස්සෙ දවසක මහා ගං වතුරක් වෙනව

    ReplyDelete
  3. ස්තුතී හැමොටම.......

    ReplyDelete