Friday, April 15, 2011

වැවක් හා මානව හදක්



මා මිනිසෙක් - නුඹ වැවක් උවද
අපි කතා කරමුද අපි අපි ගැන

හිස්තැනක් ඇත මහද
ඈ රැදී සිට ගිය තැන
ඈ සිටි හැඩයටම ගැඹුරටම හෑරුන

නිල් දිය අස්වැන්න පුරවා රදෝගෙන
සුදු පෙන රැලිති නන්වා සිනාසෙන
නුඹහිස්තැනකි - හිඩසකි
මහපොලොව මත නිර්මිත

එදා ඈ හා එකට වෙරලත
උරාබිව් ලවන මුසු සුලගම
මෙදා තනිවම විදිමි
පුරෝගෙන හද හිඩැසට

එදා ඈ හා එකට උයනතර
විද පුරුදු තෙත සිසිලතම
දොවා පුරවා සැනසෙමි ඒ හිඩැසට

පැය ගනන් වරු ගනන්
තනියෙන්ම අවාටයට බැසගෙන
අවට ලොකය මගහරිමි සිතුලෙස
හිස් නොවන හිස් තැනකි දැන් ඒ මට
මටම පමනකි එහි සෙත

එහෙත් වැව නුඹ
පුරවා දන් දෙයි දියවර
සාර කරමින්කෙත්වතු
මසුන් හා නෙක සත පෙල
දිවි ලබයි නුඹ ජල කද තුල
පස් පියුම් මෙන්ම කෙකටියද
දිවි පුබුදුවයි නුඹ මතම ලැග
නෙක දනන්ගේ දිවි දැල්ල
මෙලවෙයි නොවෙද?
නුඹ පිරූ හිඩැස මත

වහා නොවලහා පවසන්න වැව් සබද මට
නුඹ කවර නම් හදක දෙදරුමක ඵලයක්ද
හිමිකරගතු යුතු බැවින් අනේ දැන් මට
ලෝකයට සෙත සදන - හිඩැසක මිහිර

Sunday, February 20, 2011

කඳු දසුනක කතාව



නීල කඳු ශිකර තැල්ලකින් වටව
රුසිරු දසුනකින් අතිඅල0කෘතව
අහා.... කෙතරම් සොදුරුද
මෙවන් මනරම් පෙදෙසක විසුම

එහෙත්
සොදුරු කඳු දසුනට පිටුපා සිට ගෙන
නෙත් විදාගෙන - මුව අයාගෙන
යනෙන මේ මග දෙසට
දුගී පැල්පත්ය එක පෙලට
නිසැකයෙන්
නුණුවන දනන් මෙහි ඇති
සොබා රූ සිරි දකින නෙත් නැති

රුසිරි කඳුදු දසුනින්
දෑස් ගිනිකන වැටී මේ ලෙස
මෙහෙව් ආඩපාලි නොකියන් අපට
විදත් මහතුනේ සැදී පැහැදී සොද

මාන මනා ඔය දුර දක්න
දුරින් සිට බල සැනසෙන
තොපට මෙන් අපට
රුසිරු විහිදන මිහිරි මී විතක්
පමනක්ම නොවේ මේ සොබාදම

අප වැදූ මව් කුසද
අප තැනූ පියහසරද
මගකියන ගමන් සගයාද
පමනක්ම නොව
නිතර දුක සැප අසන නිරිදෙකි
මේ සොබාදම් නිල් උඩුවියන

ඉතින් එහි රුව ගුන දකින්නට
අමුතුවෙන් කවුලු හා විවර
අපිට උවමනාවක් නම් නැත

එහෙව් අතිජාත කඳු තිර පසුබිමට ගෙන
කෙත්වතුද, අපේ දුගී මාලිගා පෙලද
එකපෙලට එකට සිරුවට හිටගෙන
අප මවන මේ මහා සිතුවමෙහි
අරුත රුව ගුන වරුන
මහතුනේ තොපට
නොතේරෙන එක පුදුම නැත

Friday, February 4, 2011

මම ආසම කරන පාට


සුනිල නිල්වන් පැහැය
පැහැය විය එකල ම
ආසම ආස කල

අදුරු වැහි කලු අතරතුර පවා
අහස නිල්වනය බොහෝ විට
මගේ කුටියේ ජනෙල් මැද
මුහුදු දසුනක් කැලතුනා නිති
නීල තෛලෝදයක් විලසින

පාසල් නිල ඇදුම්
කොට කලිසමද
මා ලිය පෑනද
තවත් නෙක බොහෝ දෑ
නිල් පාට වී තිබිනි
උරුම ලෙස

පමන ඉක්මවා බුදින ලද
පැනිරස කැවිල්ලක් මෙන්
ඉස්මුරුත්තාවී පිරිය මියැදී
මගේ නිල් ආසාව සුන්විය

සොබාදම් මව් නිති
පාවිච්චි නොකරන
ඉදහිටක මලක දෙකක
තවරන
දම්ම දම් පැහැය
මගේ ආසම පැහැය
විය එවර

සැදෑ අහසෙහි සමහරක් විට
උදා පෙරඹරෙහි බොහොවිට
තැවරෙන බැවින් දම් පැහැය
කව්ලු ඝන තිර දමා වැසුවෙමි

සියලු ඇදුම් පැලදුම් මෙන්ම
අන්ශුමාත්‍රයක දෙයක පැහයද
මගේ ප්‍රියතම වර්නයෙන්
තොර කර තබමි මම දැන්

සොය සොයාගෙන ගොස් රස විදින
අහම්බෙන් මෙන් හමු වී පිබිදෙන
පැහැය පැහැයකිය -දැන් දිවි සරසන

ඉතින් මා දනිමි නිසැකව දැන්
සදා කල් නොමියැදෙනු ඇත
මම ආසම කරන පාට - යලි

Monday, January 10, 2011

සුපිරි තරුවක් නොගැයූ ගීතය


නිමිත්ත -
සුපිරි තරුවක් තෙරීමේදී ගායන හැකියාව මෙන්ම
බාහිර පෙනුම ගැනත් අපි සැලකිලිමත් වෙනවා,

සුපිරි තරු විනිශ්චය කරුවෙක්


කැත්ත උදැල්ලට
පතුරු වී ගිය අත පය
නොවේ සියුමැලි
නෙලුම් පෙත්තක් මෙන්
අව් කූටකේ පිච්චී
කලු වූ ගත වත
නොවේ පැහැපත්
ඇත් දල පාට විහිදන
දහඩිය සුවද මිස ගත
නොවිහිදුවයි
මල් සුගන්දය මනහර

එහෙත් කැලතේ
මධුර කන්කලු නදක්
පපු තෙතමනය යට
තද ඇත් දල බිතු කුහර මැද
ගජ මුතු ඉපිද ඔප වන මෙන්

උලා වත්සුනු බැරිය මැකුමට
මේ සැබෑ ඝන පිට පොත්ත
ඔබ සොයන තරුවට රිසි වන මෙන්

ස්වරාලය පෙනහැල්ල
පෙරා විහිදූවද මධුර ලෙස හඩ
දිවි සටන ඉදිරි පෙල ලය පාන
සදා දුක් විදින මේ කය ඇදුම
තමයි හඩ උපදිනා මව් ගැබ

ඔපවේද හෙට දවස මිනි කැට
අහිමි වූ කල මාතෘ ඉල්ලම් පස

ඉතින් නොනගිමි
ඔබේ සුපිරි වේදිකාවට
ජය ගැනුමට
ජය ගත යුතු බැවින්
හඩ මෙන්ම
හඩට උරුමවූ සැබෑ රුව

Friday, January 7, 2011

හද වෙදකම


මේ මෙතන හරියටම හරි මැද
ඈ මුල් ඇදී සිට දමා ගිය තැන
ලේ ගලන රිදුම් දෙන තුවාලය
පෑය ඔහු
ලේ ගලන හදවතක් මා වෙත

සෝද සෝදා ඒ ලේ කද
පිරික්සූ කල හද විවරය
තුවාලයක් නොවේ එය
සදා රතු රුධිරය උනන
බදා වේදනාවම විහිදන

නොඉදුල් සොදුරු
ලොවකට
මග හසර පෙන්වන
දොරටුවකි එය
මෙතෙක් කල් නෑරුන

විදා අතු පත්
හද පුරා මුල් ඇදීගෙන
මෙතෙක් කල්
ඈ හරස් කර ගෙන සිට ඇත
සොදුරු දිවි මග සොරා ගෙන

Sunday, December 26, 2010

මගේ අහස

















අහස ලොකු විය - මම කුඩා විය

විසල් අහසට පෙම් බදින්නට පෙර
මා නොදත්තෙමි මෙහෙව් වගතුග

එක් කොනක් සරසන විට මහත් ලෙස
අනෙක් කොන - ජරපත්ව වියැකෙයි
සියල් සපිරිනු - පිරුනු දසුනක්
කිසිදිනක නොදිටිමි නිරන්තර

දෙකොන පෑගෙන පොල්පිත්ත ලෙස
පදුරුල
, මහා මල සමයමක් ඉහ මත

මුහුද ගොඩබිම ආනුපානෙට
දියත සුවිසල් බවට පෑහෙන
උඩින් පොරව
යි විසල් නුබ කුස

එවන් අහසක් මොටද
කුඩා මා හට පැලදුමට

මගේ උස් මිටි කමට සැසදෙන
එයින් කොටහක් කඩා ඉහලමි

Wednesday, December 22, 2010

දිවි මාලිමාවෙහි වත


මගේ වමතට ඉදිරියෙන්
තල් අරඹෙහි රුවා ඇත - උතුරු කොන
මගේ සුරතට ඉදිරියෙන්
සිඳු වාටියෙන් මායිම්ව ඇත - දකුනු දිග
කොහේ කොතැනක කොහෙට හැරුනත්
හැමවිටම පෙරඹරට මුහුන දී උදාරම් ලෙස - මම
ලපටි කල මා විසූ කුඩා ලොව
මාලිමාවක් විය මටම අවනත

පැටි විය ගෙවී - දැලි රැවුල පැලවෙන කල
උගත්තෙමි මම බොහෝ විද්‍යා කලා ශිල්ප හා භූගෝලය
උගතෙකුට රිසි වන දැනුම රිසි ලෙස උරා ගත්තා මම

බාල කල මා වැඩූ ලදරු මාලිමාව සොපහසින් වීසි කර
පැලද ගත්තා මහිස විදත් මාලිමාවක් පොතේ හැටියට

දනිමි මම දැන්
උතුරු කොන දන්නා දුරක බොහෝ ඈතක බව
දකුනු කොන හිතූ තරමටම අතේ දුර නොවනබව
අපි හැරෙන පැත්තට අපිත් සමගම කරකැවෙන
අපිට අවසග මානයක් නොවේ මේ දිශාවන් සැම

පැහැදිලිය නිවැරදිය දැන් මගේ මාලිමාවෙහි මානයන් සැම
බාල වියටත් වඩා කුඩා වී නොවෙද? එහෙත් දැන් - මම

චායාරූපය-http://www.richardlyle.org/wp-content/uploads/2010/11/vitruvian-man.jpg