Tuesday, October 12, 2010

යෞවන අහස


වැසි නම් නොවැස්සත් කලකින් සැරට
ව්ජ්ජුලතාවෝ නම් පිපෙනව හැඩරුවට

කුමට රවටනවද ! මේ විදුලි සර සැරට
වැසිම ඉල්ලන මහපොලොව මෙලෙස

මෙහෙව් අවලාද නොකරමි කිසිලෙසක
තාම පනපිටින් නොවෙද? මගේ රූබර
තුරුණු යෞවන අහස

Friday, October 8, 2010

විරසක මේඝයට .....


ඉරි තැලී ගිය මහ පොලව
හේඩෑරී වී ගිය ගහකොල
මේ රුදු නියං කාල සමයට
විරසක මේඝයකි අද නුඹ

අරෝවෙන් බොහෝ දුර ගිය නුඹ
යලි එතැයි නැතැයිදැයි නොසිතම
හද පත්ලතේ මහපොලොව කැන
ලෝදිය පතුල තෙක් සොයමි
පෙර ඔබ මට පිදුව වැහි බිදු

Saturday, October 2, 2010

සිහින කැබලිති


උදාහිරු කිරන කෙදි මත
මිහිරි කූජන තාල තවරා
හද සවන් දොර මත මුදා
උදෑසන මා අවදි කරවයි

දහවලේ රුදු නිහඩ කඩතොලු
රුසිරු හඩ නළු මලු වල බහා
කොහේ කොතැනක සිට වට පිට
රුවට පිරියම් කර මට නෙලා දෙයි


අහම්බෙන්වත් මා ලග නොරැද
අතේ දුර මේ අහලකම රැදෙන
ලය උනුසුමට සුදු මුදු පහස නොපුදන
දිනක හැර යාද නොයාදෝ නොදනින

වර්නවත් තටු පැලදි
සැරිසරන සියොතුන්ම
පමනක් නොවේ තෙපි

මෙතෙක් කල් හද පුරා මාදුටු

ලෝදහම් මහ ගිරග මත හැපි සුනුවිසුනු
සමනල සිහින කැබලිති නොවෙද තෙපි?

Monday, September 13, 2010

යලි නොකියවමි ඒ පොත


එක් කලෙක - එක හුස්මට
නිදි වරාගෙන - මුව අයාගෙන
අකුරක් නෑර කියවූ

පොතකි
දැන් නුඹ මට

දූවිලි කමින් දුර්වර්නව
පඩු පැහැ මැවුනු පිටුමත

පුස් ලප කැලැල් රොද බැද
දුක් විදී අද ඒ පොත
කොහේහෝ කොතැනක

ලෝකයේ අදුරට හසුව
නෙත් තියුනු වී ඇත අද
ජීවිතේ සන්ග්‍රාමයේ යුද වැද
මුවහත්ය දිවි කගපත්ද දැන්

කියෙව්වොත් යලිත් ඒ පොත
නවරස සුවද මෙන් කඩතොලු
මතු වෙතත්

යලි නොකියවමි ඒ පොත

වැකිදොස් වැරදි අක්ශර මගහැර
සියලු රසභාව පමනක්ම උරාගත්
පිටපතක් ඇත හද මතක තුල
තැන්පත්ව
දින දින පැහැදිලිව ඔප වෙන

රැකගෙන ඒ සොදුරු මහරු හද පිටපත
අන්සතු කරමි නොසොදුරු සැබෑ පිටපත


Thursday, August 5, 2010

උවනතක අඳුර.......


රිය දොරින් රිය දොරට හිස්වැසුම් විකුනමින් යනෙන
කාලවන් තොප තුනු වෙළද රුව අහම්බෙන් පාත් වී
ඇසිල්ලෙන් පැමින රි0ගා පැලපදියන් උනි
මගේ ඩිජිටල් තෙවෙනි ඇස මත ගොලුව

නැරඹුවෙම් විසල් කර
තොපේ උවනත හැඩය
පුලුල් ඩිජිටල් තිරපටට එල්ල කරගෙන සොදින
අහෝ....... අඳුරකිය
උවන හැඩ තල මකන

සෙවනැලිව පතිත වූ තුරුසිරස හැඩයක්ද?
සැඩ හිරුව මුවා කල මේ කුලක ලපයක්ද?
නැතොත් එය කාලවන් සිරුරතේ සැබෑ මාත්තුවමද?

නෙක මෘදුක කගපත් දරා වෙර දැරිමි වෙර දැරිමි
එලිය කැදවනු පිනිස යොවුන් උවන
මතට
නිශ්පලය ඒ පැතුම, කලු අඳුරකය තවම නුභ

හද කිරන දල්වා සැබෑවේ දෙනෙත් ඇර
විනිවිදිව් කල නුභ උවනත ඝන උකු අඳුර
දුටිමි මම එය
හුදු සායමක් නොවන බැව් -මතුපිටෙහි තැවරෙන

මායමක් නොවන බැව් - නයන දැල මත වෙලෙන


වේලකින් වේලකට - කුස රවට්ටමින්නේ
රිය දොරින් රිය දොරට පයින් ගාටන්නේ
හිස් වැසුම් වස්සමින්- හිත් වසා ගන්නේ
මහමගක අගුපිලක යව්වනය ගෙවන්නේ


මාවතේ
දියව යන දිවිපතලතේ උනන

ම් මස් ඇට නහර තුල උපදින
රුහිරු හද පතුලතින් මෙලවෙන
කටුක දිවි කහටක්ය මේ කාල ඝන අඳුර
සොයුර නුභ තුරුනු උවනත අඳුරු කල


වසා තදකොට පියන්පත් එලිය ලොකේට ඇරෙන
විවර කර උපරිමව මායා සයිබර් උම0 ම0 මාවත්
ලෝකය දකින නරඹන හදන්නට පෙලහර මවන
මගේ කලු බොල් ළදරු චායාව දුටිම් සුපැහදිලිව
සොයුර නුභ ගිලි මේ අඳුර තුල මුසුව දිය වී ඇලුනු


(චායාරෑපය- දකුනු අප්‍රිකාවේ බ්ලුෆොන්ටේන් නම් වැව අසල තොප්පි වෙළදාමේ යෙදෙන සිම්බාබ්වේ ජාතික තරුනයෙක්)

Saturday, July 17, 2010

Wednesday, June 30, 2010

විලාසනියන්ගේ ප්‍රේමය


ඔවුහු පැමිනියෝය
රැගෙන නොයෙකුත් දෑ
ප්‍රේමය නමින් නම් කල

රන්රුවන් අභරන සමග පාට මල් දම්ද
රීදී ගෙත්තම් සපිරි දුහුල් සුසිනිදු සලුද
වත්සුනුද විලවුන්ද සුවද කොකුමගරද
රන් මිරිවැටි සගල් පයට මිනි ගෙජ්ජිද

පැලද සැරසී හැඩට
රැගුවෙමිය, මන්මත්ව
ඔවුන් හා එකව සිරියහන් මත නැග
සැරිසැරිමි, වල්මත්ව
නොයෙක විගඩම් වීදි මාවත් මත

එහෙත් දිනක් පැමිනීය නොකියාම
වත්සුනුද දිය වෙවී පතුරු ගැලවී හැලෙන
ගත වතේ කළු මැවී හමද රැලි වී වැටෙන
පැදුරටත් නොකියාම
පෑල දොරගින් ප්‍රේමයද පලා යන

මෙයද විසිතුරු පෙමෙහි මියුරු ඵල... ?

කපා හාරා ඇද එලියට ගෙන
බලමි විමසමි
රුසිරු විසිතුරු පෙමට රැවටුන
රුදු සුමුදු මා හද හෘද මාන්ශය

අහෝ එයද කුනුපයකි.......

බොහෝ කලකට පෙර නොදැනීම
විසිතුරු පෙමෙහි කිරන රැස් වැද
පනපිටින් මිය ගිය