උදාහිරු කිරන කෙදි මත
මිහිරි කූජන තාල තවරා
හද සවන් දොර මත මුදා
උදෑසන මා අවදි කරවයි
දහවලේ රුදු නිහඩ කඩතොලු
රුසිරු හඩ නළු මලු වල බහා
කොහේ කොතැනක සිට වට පිට
රුවට පිරියම් කර මට නෙලා දෙයි
අහම්බෙන්වත් මා ලග නොරැද
අතේ දුර මේ අහලකම රැදෙන
ලය උනුසුමට සුදු මුදු පහස නොපුදන
දිනක හැර යාද නොයාදෝ නොදනින
වර්නවත් තටු පැලදි
සැරිසරන සියොතුන්ම
පමනක් නොවේ තෙපි
මෙතෙක් කල් හද පුරා මාදුටු
ලෝදහම් මහ ගිරග මත හැපි සුනුවිසුනු
සමනල සිහින කැබලිති නොවෙද තෙපි?
මිහිරි කූජන තාල තවරා
හද සවන් දොර මත මුදා
උදෑසන මා අවදි කරවයි
දහවලේ රුදු නිහඩ කඩතොලු
රුසිරු හඩ නළු මලු වල බහා
කොහේ කොතැනක සිට වට පිට
රුවට පිරියම් කර මට නෙලා දෙයි
අහම්බෙන්වත් මා ලග නොරැද
අතේ දුර මේ අහලකම රැදෙන
ලය උනුසුමට සුදු මුදු පහස නොපුදන
දිනක හැර යාද නොයාදෝ නොදනින
වර්නවත් තටු පැලදි
සැරිසරන සියොතුන්ම
පමනක් නොවේ තෙපි
මෙතෙක් කල් හද පුරා මාදුටු
ලෝදහම් මහ ගිරග මත හැපි සුනුවිසුනු
සමනල සිහින කැබලිති නොවෙද තෙපි?
මලින් මල සොයා පැණි බී
ReplyDeleteමල අමතක කර හැර පියඹා යන
සෝබන සමනලයන් ගේ හරසුන්
ලාමක පාවෙන සූකිරි සිහිනද
කැබලි උනා යයි ඔබ දුක් වන්නේ?
එදා මෙදාතුර සැමදා අලුයම
නහවන හිරුගේ රන්වන් රන් වැසි
බින්දු එකතුකර හදවත සරසා
කැඩුණු බිඳුණු තැන් හොඳ හැටි සාදා
අලුත් සිහිනයක් වෙත යනු සුමිතුර...
සිහින කැබලිති පාවෙන
ReplyDeleteමේ සොදුරු සිහින අහසයට
කුමට වෙහෙසෙමුද සොයා
කැබලි නොම වෙන සිහින
ස්තූතී ප්‍රතිචාරයට......