Thursday, August 5, 2010

උවනතක අඳුර.......


රිය දොරින් රිය දොරට හිස්වැසුම් විකුනමින් යනෙන
කාලවන් තොප තුනු වෙළද රුව අහම්බෙන් පාත් වී
ඇසිල්ලෙන් පැමින රි0ගා පැලපදියන් උනි
මගේ ඩිජිටල් තෙවෙනි ඇස මත ගොලුව

නැරඹුවෙම් විසල් කර
තොපේ උවනත හැඩය
පුලුල් ඩිජිටල් තිරපටට එල්ල කරගෙන සොදින
අහෝ....... අඳුරකිය
උවන හැඩ තල මකන

සෙවනැලිව පතිත වූ තුරුසිරස හැඩයක්ද?
සැඩ හිරුව මුවා කල මේ කුලක ලපයක්ද?
නැතොත් එය කාලවන් සිරුරතේ සැබෑ මාත්තුවමද?

නෙක මෘදුක කගපත් දරා වෙර දැරිමි වෙර දැරිමි
එලිය කැදවනු පිනිස යොවුන් උවන
මතට
නිශ්පලය ඒ පැතුම, කලු අඳුරකය තවම නුභ

හද කිරන දල්වා සැබෑවේ දෙනෙත් ඇර
විනිවිදිව් කල නුභ උවනත ඝන උකු අඳුර
දුටිමි මම එය
හුදු සායමක් නොවන බැව් -මතුපිටෙහි තැවරෙන

මායමක් නොවන බැව් - නයන දැල මත වෙලෙන


වේලකින් වේලකට - කුස රවට්ටමින්නේ
රිය දොරින් රිය දොරට පයින් ගාටන්නේ
හිස් වැසුම් වස්සමින්- හිත් වසා ගන්නේ
මහමගක අගුපිලක යව්වනය ගෙවන්නේ


මාවතේ
දියව යන දිවිපතලතේ උනන

ම් මස් ඇට නහර තුල උපදින
රුහිරු හද පතුලතින් මෙලවෙන
කටුක දිවි කහටක්ය මේ කාල ඝන අඳුර
සොයුර නුභ තුරුනු උවනත අඳුරු කල


වසා තදකොට පියන්පත් එලිය ලොකේට ඇරෙන
විවර කර උපරිමව මායා සයිබර් උම0 ම0 මාවත්
ලෝකය දකින නරඹන හදන්නට පෙලහර මවන
මගේ කලු බොල් ළදරු චායාව දුටිම් සුපැහදිලිව
සොයුර නුභ ගිලි මේ අඳුර තුල මුසුව දිය වී ඇලුනු


(චායාරෑපය- දකුනු අප්‍රිකාවේ බ්ලුෆොන්ටේන් නම් වැව අසල තොප්පි වෙළදාමේ යෙදෙන සිම්බාබ්වේ ජාතික තරුනයෙක්)

Saturday, July 17, 2010

Wednesday, June 30, 2010

විලාසනියන්ගේ ප්‍රේමය


ඔවුහු පැමිනියෝය
රැගෙන නොයෙකුත් දෑ
ප්‍රේමය නමින් නම් කල

රන්රුවන් අභරන සමග පාට මල් දම්ද
රීදී ගෙත්තම් සපිරි දුහුල් සුසිනිදු සලුද
වත්සුනුද විලවුන්ද සුවද කොකුමගරද
රන් මිරිවැටි සගල් පයට මිනි ගෙජ්ජිද

පැලද සැරසී හැඩට
රැගුවෙමිය, මන්මත්ව
ඔවුන් හා එකව සිරියහන් මත නැග
සැරිසැරිමි, වල්මත්ව
නොයෙක විගඩම් වීදි මාවත් මත

එහෙත් දිනක් පැමිනීය නොකියාම
වත්සුනුද දිය වෙවී පතුරු ගැලවී හැලෙන
ගත වතේ කළු මැවී හමද රැලි වී වැටෙන
පැදුරටත් නොකියාම
පෑල දොරගින් ප්‍රේමයද පලා යන

මෙයද විසිතුරු පෙමෙහි මියුරු ඵල... ?

කපා හාරා ඇද එලියට ගෙන
බලමි විමසමි
රුසිරු විසිතුරු පෙමට රැවටුන
රුදු සුමුදු මා හද හෘද මාන්ශය

අහෝ එයද කුනුපයකි.......

බොහෝ කලකට පෙර නොදැනීම
විසිතුරු පෙමෙහි කිරන රැස් වැද
පනපිටින් මිය ගිය

Sunday, June 20, 2010

Monday, June 14, 2010

ප්‍රේමය.....


බදවා තනා නිමකොට
පාට කොල අලවා හැඩකොට
අපි අපිම උඩ ඇරිය
සරුන්ගලයකි
ප්‍රේමය

එය සුලන් කපමින් -ඉගිලෙත
හද වරල් සලමින් - ඉපිලෙත

හද සිතුම් වවමින් ඉගිලුනද
එකලු කරමින් හද ගඟනත

චන්ඩ මාරුතයකට හසුව
මග හසර පැටලී සැගවෙද?
මහා වැස්සකට නතුව
තෙතබරිත් වී දියවෙද?
අවදානමද නිති දලුලත


Sunday, June 6, 2010

Tuesday, May 4, 2010

සොදුරු ගඟවතියනි........


සැලෙන සුලලිත ගලන මග වලකවිතැයි
පව්රු පදනම් බැද රූ රුසිරු වහන් කරතැයි
රළු සැඩ රළ මුගුරු පහරින් බැට දෙමින්
හද ඝන මැට්ට සෙමෙන් දියකර හරිමින්
වෙර බදිති - පලි ගසති ඟගඉවුරටම නිති
සොදුරු ගවතියො පේවී සැදී පැහැදී හිද

ඟගඉවුර දඩු වැටක් නොව සැබැවින්ම
පිරිමි ලොකය ඔබව වටකොට ඇටවුව
සොදුරු ගවතියනි
ඒ ඝන බාහිර රේඛාව
ඔබගේමය
මිහිමත මත ඔබසිතුවම
හැඩට තිරකොට අදින

සොදුරු ගවතියනි
නුදුරේම දිනක තෙපි
සියතින්ම දියකොට
සිදුරු කොටගෙන මේ සුමුදු කවචය
වැගිර වැතිරී ගලාගෙනගොස්
සමතලාකොටගෙන මිහිතලය
දිවිනසා ගනු ඇත කතරක් කරමින්ම මෙදියත