Tuesday, April 6, 2010

ගස සහ මම




ලපටි දලුපත් මද නලකට උවද සැලුනද
චන්ඩ මාරුතයකදී උවද නොසෙල්වෙන
අරටු බැසි දෘඩ සෘජු කාය ඝන කදක් ඇත
සෑම මහ ගසටම

ලෝ දහමින් නිති සැලෙන -මැලවෙන
හද මෘදු ලපටි දළු අත්හැර -අහක්කර
දැඩි සෘජු පිරිමි ගතිගුනම උලුප්පන
ඝන හද අරටුවම පමනක් පතමි මම

එහෙත්
ගසක් යැයි කිව හැකිද? කාටවත් කටක් ඇර
මල් කොල නොමැති නිකම්ම නිකන් කදකට

Wednesday, March 24, 2010

සොදුරු පැත්ත, අදුරු පැත්ත


විදා මා හද අරාගෙන -සොරා ගෙන
සොයා පීරා සෑම අහුමුලු බලාගෙන
කුනු කෑලි එක දෙක එකතුකර පෙරාගෙන
මා එපා යයි අද පලා යන

සොදුරියේ නුභ පතන
නිකැලැල් සොදුරු පිවිතුරු
හෙට දවස තුල තනන
සුපසන් ඒ සිහින මාලිගය තුල

සුදු කිරිගරුඩ බිම සිදිලෙනු ඇති
පොකුරු මිනි පහන් දැල්වනු ඇති
නෙක වර්න තිරපට රග දෙනු ඇති
උස් අසුන් සිරියහන් ඉදිවනු ඇති



එහෙත් ඒ හා සමගම
කුනුවතුර නල අසූචි බටද
ඉපදි හැදී වැඩී පිරෙමින්ද
මැදුරු බිත්ති තුලින් මිරිකී රින්ගා ගොස්
පහුපෑවතෙහි නිහඩවම එකතුවන
පල්දෝරු වලකුත් තැනෙනු ඇති



Sunday, March 14, 2010

රමණීය රමණය....
























එක මගක එකලාව

ප්‍රති දිශා හබා යන
ඔබ ඔබම ලෙස
මම මමම ලෙස
නැවත
හති වැටි අභිමුඛ වන
වෘත්තයක ගමනක්ය
රමණය

කිසිවිටක කිසිදිනක
මධ්‍ය ලක්ශය නොදකින

සොදුර ඔබ මා පතන ඒ
දිව්‍යමය මධ්‍ය ලක්ශය
හතිලන සිහින මිරිගුවක් උවද
අප අදින මේ සසග වෘත්තයේ
විචලනය වන අරය ගුරුකොට
ඔබ මා තුලට

මා ඔබ තුලට
ඇද බැද වෙලන
හද රැහැන් ලියලන
රමණීය රැගුමක්ය
මේ රමණය







Saturday, March 6, 2010

සම්මතය....??????


මුත්තලා නත්තලා
සීයලා අත්තලාට
ඇන්දුව
සීයලා අත්තලා
අම්මට තාත්තට
ඇන්දුව
මව් පිය වරු නැවත
අනේ අපිටත් එයම
ඇන්දුව
ඉරී කිලිටිව දිරුව
ගොමස්කඩයකිය
මේ සම්මතය
ඉරා වීසි කර මේ රෙද්ද බැද්දට
කපා මසා ගනු හැකි නොවෙද?
අපි අපිටම
ඇගට ගැලපෙන - හිත්ට හරියන
නව ඇදුම් ඇගලුම්
මම කැමති මේ රෙද්දට- ඇය කැමති නෑ මේපාටට
ඇය කැමති මේ රෙද්දට- මම කැමති නෑ මේ පාටට
කපනවා - මහනවා - අදිනවා- බලනවා- ලිහනවා
නිමක් නැත, කොනක් නැත, නව ඇදුම නිමා නැත
නෙක වෛවාරන රෙදිපිලිද මේ රටේ බහුලයි
ආරිච්චි බොරිච්චි විලාසිතාද මෙලොව සුලබයි
උපදේස ඔවදන්ද මේ වැඩේ දැන් රටේ සුමටයි
මහන්නට මදින්නට අන්දවන්නට අය එමටයි
මේ නොයෙක විගඩම් මැද
මසන මේ නව ඇදුම හෙට
සලුවක් වෙතැයි?සීතාම්බර
සැක සාන්කාද හරි ඉහලයි



Tuesday, February 16, 2010















සම්බාහන ලියන් නොඇසූ පැනය

නුවර දොර මැදුරු තුල වැද
උයන් කෙලි රති කෙලි විද විද
ප්‍රකම්පිත රතිඉදුරු තත් සිදිබිදි
අහො තොප කුමර සිරුරත
මොලොක් මාන්ශය මත කැටි ගැසී
අධිකතර සැප නම් විශ ඕජස

අඩක් හිස් වූ කුස් තුල වැද
රස හීන අන්කුර පිටින් වැලලෙත
සල්ලාල සයන මත ගොදුරක්ව
සුනරුත්ව පෙම් පැතුම් ගිනිබත්ව
අහො මහද සොදුරු ජීවිත මීවිත
විශ විතක් වී දුක පිරී ඉතිරෙත

කලබා ඒ රුහිරු දුක් විත
පෙර පොගවාවිත් ඇගිලි තුඩගට
මිරික පිරිමෙද එන්නත් කර
දියකරමි සුව සදමි සනසමි
නසමින් විශෙන් විශ

නිවී සැනසෙනමුත් තොප සිරුරත
මේ විශ ගනුදෙනුව කෙලවර
නොදුන්නේ කිම? කාසිරුපියල් මිස
මහද දුක් කද නිවන - ප්‍රතිවිශ

Tuesday, November 24, 2009


















අම්මා සහ රතු මැයි මාර මල් ගස
ඉවසා වදාරා
නිහඩ වෘතයෙන්ම
සොයා පිරිමහගෙන
ජල ලවන පෝශක
තනා කැටයම් කරයි
මනා සායම් පොවයි

දස දහස් මල් දරැ කළල
මව් මාර මල්ගැබ
හොර රහසින්ම
එලබි පසු මැයි මස
උපද්දා
පෙලහර පානු රිසි
තම රතු මල් සම්පත
රතු මැයි මාර මල් ගස

ඉතින් අම්මේ........
නොතැවී
නොහඩාම විදගමි
මව් ඇකයෙන් මිදී
වෙන් වී ගෙවෙන
රුදු කාල පරතරය

දනිමි අම්මේ.....
නිසැකවම
ගසක් සේ
විසල් මැයි මාර
උතුම් මව් හද ගැබ තුල
ඉපදී හැදී වැඩෙනා බව
මම එනතෙක්
දස දහස් සෙනෙහස්
කළල මල් යස රුවට

Wednesday, November 11, 2009



බ්ලුමැන්ඩල්
කුණු කඳු වන්දනාව

නගර මන්දිර වලින්
පිහදා ඉවත හල
කුණු
නගර මාවත් මත
අනාථව සැරි සැරෑ
කුණු
නගර පැල්පත් දොර
හැපී මිරිකී ඇඹරැණු
කුණු
එකතු වී ගොඩ ගැසී
කඳු ගැසී

සුද්ධ පිරැවටයට මුවා වී
තුඃ එපා යයි ඉවත හල
තුගු මහල් මන්දිරද
පරයා යමින්
ඉහල ගොස්
නුවර මායා විලවුන් සුවඳ මත
නිර්ව‍‍‍‍යාජ දුගඳ නම් සුවඳ
පතුරමින්
බ්ලුමැන්ඩල් කුණු කඳු රජ
බලන් වැජඹෙනායුරැ
පවසමින්
කුණු උනත් කුණු කල
නොහැකි බව
ලෙහෙසියෙන් පහසුවෙන්
නමදිම් බෝ බැතියෙන්
මා නුඹේ කුණු කඳු හිස
නුඹ නොවෙද
රීදී රැපියල් මැද
අලුක්කාලක් උන
දසදහස් අපවන්
කුණු නොවුනු
කුණු දන හට
දිරි වඩන මඟ කියන
පහන් කඳු හිස