කොලයෙන් දළුවෙන් ගොතලා
අරිම්බුවෙන් රටා දැමූ
තද නීල කොල සාරියකි ලොකු
මුලුවසන් තේ යාය පිටපොත්ත
පන්දලම් තිඹිරිගේ ඇතැරවිත්
කප්පාදු වී දහ දොලොස්වර
අගුටු වී වාමනව
දළු නිල්ල යට සැගව
සදා දුක් වීදී අතු කය
නෙත්තියේ පදුරකින් පදුරකට
දළු නෙලමින් යනෙනා අතර
විදා අතු කෝටු යන මග හරස් කර
මොට්ට අතු තුඩින් දෙකකුලට ඇන
නේක හිරිහැර කරයි අතු කඳ
අරිම්බුවෙන් රටා දැමූ
තද නීල කොල සාරියකි ලොකු
මුලුවසන් තේ යාය පිටපොත්ත
පන්දලම් තිඹිරිගේ ඇතැරවිත්
කප්පාදු වී දහ දොලොස්වර
අගුටු වී වාමනව
දළු නිල්ල යට සැගව
සදා දුක් වීදී අතු කය
නෙත්තියේ පදුරකින් පදුරකට
දළු නෙලමින් යනෙනා අතර
විදා අතු කෝටු යන මග හරස් කර
මොට්ට අතු තුඩින් දෙකකුලට ඇන
නේක හිරිහැර කරයි අතු කඳ
අනේ ආඩවනේ....!
ඇයි අරියාදු අපිටම
කනේ කඩුක්කන් බන්ගලි වලලු දැම්මට
පච්චවඩම් මල් සාරි ඇන්දාට පැලැන්දට
ඔහේ නිදහසේ අතු බෙදී උස යනු නොහැකි
හිතේ හැටියටම මල් මවා ඵල ලනු නොහැකි
කදු පාවුලක ලැයින් ගෙදරක වකුටු වී බුදියන
අපිත් නුඹලත්
එකම රෝලක ඇඹරෙන දළු නොවෙද
චායාරූපය-http://www.superstock.com
.
ReplyDeleteමහතුනේ අපට
ගොතන්නට කවි නැත
සිඹින්නට සිහින නැත
පඳුරින් පඳුරකට ඇස් යවා
නොදැක්කා සේ ඉන්නවා හැර
අහන්නට මේ අවනඩු
කවුරුවත් නැත
මේ පච්ච වඩම් සාරි
මල් දියවුනේ කොහොමද
මේ දිය සීරා යට
අකුලාන අතපය
බෙරිව ඉන්නේ කොහොමද
නෝකාඩුවකට
අපට ඉඩ නැත
හරිම ලස්සන කවි...!
thank u...
ReplyDeleteoyage kaviyath lassanai
සුපිරි කවියක්..සුබ පැතුම්!
ReplyDeletethank u .........
ReplyDeletesujeewa n chirantha
hengeembaray....manawa dayawa ithirenawa....ස්තුතියි obat.apith numbalath ekama rolaka embarena balu noweda?
ReplyDeleteකවුරුත් නොදැකපු නොලියපු පැතිකඩක්.එය තාත්විකව අපට කියා දෙන්නෙ ඇත්ත සගවන්නෙ නැතිව. ලිවිය යුත්තේ රජ මාළිගා ගැන නොවේ. මේ වැනි කාටත් ඇස නොගැසෙනා දිලින්දන් අසරණයින් ගැනයි.ඔබට ස්තූතියි බෙහෙවින්ම..
ReplyDeleteබොහොමත්ම ස්තුතී සියලු ප්‍රතිචාර වලට
ReplyDeleteඔබේ ප්‍රතිචාර මට දිරියක්
thanx you might like http://www.mytrickpages.com too check it out
ReplyDelete