යාන්තම් හයහතර තෙරෙනකොටම මට
අකීකරු වීදි රෙඛා කඩාවැදීගෙන ගෙට
කලා සමතලා මහගෙදර මූන කට
වහා පිරියම් කොට පනනල සුරැකිමුත්
හායි ගා කට ඇරිනි මහ දොර මහපාරටම
නොමැතිව ඉස්තෝප්පු හිනා කට
බුකුම්බාගෙන හිටගති මහගෙදර මහපාර අද්දර
මාත් හිටියේ නොරිස්සුමෙනි මහගෙදර ගැන
තඩි බිත්ති මැද තෙත අදුරු උනුසුම ගැන
ඔක්කොටොම වැඩිය
තිස්සෙම ඉහලින් හිද බලා හිදි සද්දයෙක් උනු එක ගැන
බාල කල ගෙවී තටු ලැබුනු විට මට
වහා පියභා ගොස් නගරයට ලොල් උනි
අරුමොසම් නුතන ගොඩනැගිලි අගනුන් මැද
පැතලි විනිවිදිනසුලු වෛවර්න
වහා වෙස් මාරුකරන මයාකාර
නගරයකි එය වල්මත්වන
වහා සොයා ආවෙමි මහ ගෙදර උරුමය මම
වීදී රෙඛා එවර අසමජ්ජාති ලෙස
මැදමිදුල් දාරයට තෙක් කඩා ගොඩගසා තිබිනි
මහත් අසරන ගෙවල් බාගයකි දැන් එය
එතිරි අඩමත තාම දිවිගෙවන මාමා උදාරම් ලෙස
කටකොනින් සිනා සී මගේ විස්සොප මුහුන දැක
පෙන්නුවා හද මතක රොන් මඩ යටින් ගෙන
සැබෑ මහගෙදර සැලසුම් පිටපත මට
ඉස්තෝප්පු මැදමිදුල් ආලින්ද -හට්ටි පෙට්ටි පෙට්ටගම් කනප්පු
වාර්නිශ් සුවද දොර පලු අතර රේන්ද තිර ලෙලදෙන
අත්තා කුඩප්පල පුන්චම්මල සෙනේ රැහැනෙන් සබැදුනු
මහගෙදර නොමැරෙන සැබෑ සැලසුම
පිටපත් කරගතිමි හද මත මම එම දින
විදී රෙඛාවනි තොප පැමින අතවර නොකරන්න මෙලෙස මේ ලෙස
කිසිම කිසි දිනක නොලබනු ඇත සැබෑ මහගෙදර උරුමය මම
Monday, July 2, 2012
Wednesday, June 27, 2012
Sunday, March 18, 2012
ලිහී ගිලිහී හැලුනු මුතුවක්
දිනක නුගේගොඩ නම් හන්දියක
වීදි නෙත්තියක - මිනිස් වාටියක
ඈ රැදී සිටියාය
දහවල මියයමින් යන හෝරාවක
කෙටි සායකිය සුදු - දනෙන් ඉහලින් ඇරබෙන
රතු බැනියමකිය - උඩුකය වසා හිරවී බේරෙන
රැලි තියා සිරුවට හැඩ - කුඩයකිය සුරත මත
නොගැලපුනා කිසි ලෙසකින් එකිනෙකට
අනෙත් අය සමගද ඒ සමව
ඈ රැදී නොරැදී සිටියාය ඔවුනතර
මදක් මඩ රැදුනා උවද
නෙලුම් පතක රැදි දිය බිදුවක් ලෙස
ගැහැනුන් ගියා බලා නොබලා ඇය දෙස
පිරිමින් මාරුවෙති සීරුවට අරපරිස්සමට
වැරදි ඇසකින් නොබලතිය ඔවුන් ඈ දෙස
හරි විදිහටද නොබලතිය ඔවුන් කිසිලෙස
වෙර නොබැන්දා ඇය ඔවුන් වෙත කිසි ලෙස
මුතු හරක ලිහී ගිලිහී හැලුනු මුතුවක්
මවා අඩුවක් - තනා හිඩැසක්
වහා මතු වී කැපී පෙනෙනා බව දන්නාක මෙනි
Monday, December 26, 2011
දියත රස පදම
මායාකාර නිල් අහස් සලු
පොරවා ඉහට ඉහලින් ලෙලදෙන ලෙස
වටිනාම දේ කැබලි කර
සැගවීය මහපොලොව යටි වියන් තුල
සොබාදම නම් මැජික් කාරිය
පොරවා ඉහට ඉහලින් ලෙලදෙන ලෙස
වටිනාම දේ කැබලි කර
සැගවීය මහපොලොව යටි වියන් තුල
සොබාදම නම් මැජික් කාරිය
ලෝකය කනපිට හරවා හිතන
මේ රහස් සමීකරනය විසදන
හිතුවක්කාර දූ පුතුන් අතරේ පමනක් නොමසුරුව
බෙදා දෙන්නට ඉටා ගත්තාය ඇය දියත සරු බව
කුමට වෙන්වෙමිද තනි වෙම්ද
හිතුවක්කාර දූ පුතුන් අතරේ පමනක් නොමසුරුව
බෙදා දෙන්නට ඉටා ගත්තාය ඇය දියත සරු බව
කුමට වෙන්වෙමිද තනි වෙම්ද
ලෝකයේ මග අතහැර මම
මමද ඉගිලෙමි අහස අල්ලන පිනිස විනිවිද
වැටි වැටි නැගෙමින්ද යලි යලි
සොයා වෙහෙසෙමි - හබා සැනසෙමි
දිනක අත්පත් නොවන බව දැන දැනද
ඉටුනොවන පැතුමන් හබන එක
ජීවිතේ දිදුලන සරු බවට මුල බව
නොවැහැටුනු එක හොදය, මහරුය
දියත රස පදම ඒදන්නට පෙර ඇයට
මමද ඉගිලෙමි අහස අල්ලන පිනිස විනිවිද
වැටි වැටි නැගෙමින්ද යලි යලි
සොයා වෙහෙසෙමි - හබා සැනසෙමි
දිනක අත්පත් නොවන බව දැන දැනද
ඉටුනොවන පැතුමන් හබන එක
ජීවිතේ දිදුලන සරු බවට මුල බව
නොවැහැටුනු එක හොදය, මහරුය
දියත රස පදම ඒදන්නට පෙර ඇයට
Wednesday, November 30, 2011
"අහස් නිල"

මොනර නිල් පැහැය හැලුන
සුනිල නිල්වන් අහස් නිල ඇවිලුනි
දිනක අත්පත් කරගත යුතුම
ආසම ආස කරන සායමක් ලෙස
පියාපත් හිමිනැති මම
කෙසේ කොටුකරගම්ද
අතේ දුර නැති අහස
එහෙත් නිල්වන්ය මහසයුර
ඒ කිට්ටුවටම ලන්වන ලෙස
වහා දිවගොස් කොටුකරගතිමි දෝතට
රැගෙන හිමිකර පිනිස මා සෙයූ "නිල "
එහෙත් නොරැදේ ඒ "නිල "
මොහොතකදු මා දෝත මත
දිය කන්නාඩියෙන් විනිවිද
පෙනේ මා සුරතම පාරමින් හදවත
දිය කැඩපතින් එබෙමින් යලි යලිද
රවටන්නේද ඒ මායාකාර නිල් අහසමය
ලෝකයේ නොයෙක් දේ ඇත හදඉල්ලන
තිබෙන තැන තිබෙන හැටියටම තිබෙන්නට හැර
විද ගත යුතුය වද නොවී හිමිකාරකම ගැන බොරුවට
කුමරියනි ඇයි නොක්කාඩුවෙන්
සදලු තල මත හිද රවාගෙන ඔරෝගෙන
ඔබ තමයි මා දිවි දියත වටකොට පෙරවුන
නිල්ම නිල් "අහස් නිල" සදාකලිකවම
Wednesday, September 14, 2011
රතු

ඇහැල රොබෝරෝසියා
නෙක පාට මල්පිපුනත් දොලොස්මහ පුරාවට
ඒ සියලු මල් මතක මැකෙයි
රතු මැයි මල් තොග ගොඩ ගැසී මැයි මහට
හරිත පැහැයෙන් දිදුල රබර් කොල
පෙබරවරිය තෙක් යස හැඩ රුවට
රතු වස්ත්රෙ පොරවති වැඩ මිහිමතට
හෙලන්නට පෙර අවසන සුසුම් පොද ලොවට
විලාසනියක සේ රතු පාටකරගෙන
සමහර කාලවලට හවහට බටහිර අහස
විලාපය නගයි පවසමින්
ලග ලගම එන රුදු නියන් කාල සමය ගැන නියත
ඒ ඒ විතරක් නම් මදෑ
මා සිගිතු පුතු හඩා වැලපෙන විට ඉහිරුන කිරට
ලා රතු පාට කහටක් නැගේ සිගිති දෙකොපුල් මත බොරට
කොතෙක් අමතක කර මකා දැමුමට වෙර දැමූවත් රතු මතක
කොහෙන් හෝ මතුව පෙනෙන නොපෙනෙන ලෙස ඇවිලේය
රතු කහට ලප පිලිල හරි බරට
තාත්තා ඉල් මහක කොහේ හෝ තැනක හැලුව ඒ ලේ කදේ රත
උතුරු යුධබිමේ තැනක අය්යන්ඩියේ උඹ හැලුව ලේ ගග හා මුසුව
මියෙන තුරු මව් දෙනෙත් මත කාරම් බැදුනු රතුම - රතු - ලේ රත
නෙක පාට මල්පිපුනත් දොලොස්මහ පුරාවට
ඒ සියලු මල් මතක මැකෙයි
රතු මැයි මල් තොග ගොඩ ගැසී මැයි මහට
හරිත පැහැයෙන් දිදුල රබර් කොල
පෙබරවරිය තෙක් යස හැඩ රුවට
රතු වස්ත්රෙ පොරවති වැඩ මිහිමතට
හෙලන්නට පෙර අවසන සුසුම් පොද ලොවට
විලාසනියක සේ රතු පාටකරගෙන
සමහර කාලවලට හවහට බටහිර අහස
විලාපය නගයි පවසමින්
ලග ලගම එන රුදු නියන් කාල සමය ගැන නියත
ඒ ඒ විතරක් නම් මදෑ
මා සිගිතු පුතු හඩා වැලපෙන විට ඉහිරුන කිරට
ලා රතු පාට කහටක් නැගේ සිගිති දෙකොපුල් මත බොරට
කොතෙක් අමතක කර මකා දැමුමට වෙර දැමූවත් රතු මතක
කොහෙන් හෝ මතුව පෙනෙන නොපෙනෙන ලෙස ඇවිලේය
රතු කහට ලප පිලිල හරි බරට
තාත්තා ඉල් මහක කොහේ හෝ තැනක හැලුව ඒ ලේ කදේ රත
උතුරු යුධබිමේ තැනක අය්යන්ඩියේ උඹ හැලුව ලේ ගග හා මුසුව
මියෙන තුරු මව් දෙනෙත් මත කාරම් බැදුනු රතුම - රතු - ලේ රත
Sunday, August 7, 2011
වෙස් නැටුම්

ඔමරි මුදු සoකර සිනා වපුරන
තොදොල් බස් මිහිරිව අමුනන
නිලියනි නිරූපිකාවනි
වසගකාරීය තොපේ උවනත් පෙල
ගිජු නෙතින් කාසි රුපියල් ගනින
රෙදි මනින බඩු කිරන මස් කපන
වෙලන්දනි තොප මුහුනු
මිනිස් මුහුනක්මද සැක සිතේ මට
කිසිදු තෙතමනයක් නොපෙනෙන
බලය බලහත්කාරයම තදින් වපුරන
බලවතුනි තොප මුහුනු
ඝන තහඩු සේ දිසේ මට
සුතනඹුන් දරු සෙනේ කද සුරකින
සා පවස සුදහ ගිනි දුක් නිමවන
මුහුනක් වෙතේ ඔය මුහුනු යට සැගවී මුවාඋන
පදා ගතහැකිය විනිවිදිව් කල පිට කබොල
ඉඩක් ලද ඇසිල්ලේ අදුරු අහුමුල්ලක
පිලිකන්නක කොහේ කොතැනකදී උව
පැලදගෙන හැඩ බලන
ඒ පොදු මූන සුරැකිනු පිනිස කොහොමහරි
පැලද ගෙන නොවෙද ඔය වෙස් මූනු පෙල
මහා කරුනාවෙන් ඉවසා වදාරමි
ඔය වෙස් නැටුම් මම- නිර්භයව
නිලියනි නිරූපිකාවනි
වසගකාරීය තොපේ උවනත් පෙල
ගිජු නෙතින් කාසි රුපියල් ගනින
රෙදි මනින බඩු කිරන මස් කපන
වෙලන්දනි තොප මුහුනු
මිනිස් මුහුනක්මද සැක සිතේ මට
කිසිදු තෙතමනයක් නොපෙනෙන
බලය බලහත්කාරයම තදින් වපුරන
බලවතුනි තොප මුහුනු
ඝන තහඩු සේ දිසේ මට
සුතනඹුන් දරු සෙනේ කද සුරකින
සා පවස සුදහ ගිනි දුක් නිමවන
මුහුනක් වෙතේ ඔය මුහුනු යට සැගවී මුවාඋන
පදා ගතහැකිය විනිවිදිව් කල පිට කබොල
ඉඩක් ලද ඇසිල්ලේ අදුරු අහුමුල්ලක
පිලිකන්නක කොහේ කොතැනකදී උව
පැලදගෙන හැඩ බලන
ඒ පොදු මූන සුරැකිනු පිනිස කොහොමහරි
පැලද ගෙන නොවෙද ඔය වෙස් මූනු පෙල
මහා කරුනාවෙන් ඉවසා වදාරමි
ඔය වෙස් නැටුම් මම- නිර්භයව
Subscribe to:
Posts (Atom)



