Wednesday, September 14, 2011

රතු















ඇහැල රොබෝරෝසියා
නෙක පාට මල්පිපුනත් දොලොස්මහ පුරාවට
ඒ සියලු මල් මතක මැකෙයි
රතු මැයි මල් තොග ගොඩ ගැසී මැයි මහට

හරිත පැහැයෙන් දිදුල රබර් කොල
පෙබරවරිය තෙක් යස හැඩ රුවට
රතු වස්ත්රෙ පොරවති වැඩ මිහිමතට
හෙලන්නට පෙර අවසන සුසුම් පොද ලොවට

විලාසනියක සේ රතු පාටකරගෙන
සමහර කාලවලට හවහට බටහිර අහස
විලාපය නගයි පවසමින්
ලග ලගම එන රුදු නියන් කාල සමය ගැන නියත

ඒ ඒ විතරක් නම් මදෑ
මා සිගිතු පුතු හඩා වැලපෙන විට ඉහිරුන කිරට
ලා රතු පාට කහටක් නැගේ සිගිති දෙකොපුල් මත බොරට

කොතෙක් අමතක කර මකා දැමුමට වෙර දැමූවත් රතු මතක
කොහෙන් හෝ මතුව පෙනෙන නොපෙනෙන ලෙස ඇවිලේය
රතු කහට ලප පිලිල හරි බරට

තාත්තා ඉල් මහක කොහේ හෝ තැනක හැලුව ඒ ලේ කදේ රත
උතුරු යුධබිමේ තැනක අය්යන්ඩියේ උඹ හැලුව ලේ ගග හා මුසුව
මියෙන තුරු මව් දෙනෙත් මත කාරම් බැදුනු රතුම - රතු - ලේ රත

Sunday, August 7, 2011

වෙස් නැටුම්


ඔමරි මුදු සoකර සිනා වපුරන
තොදොල් බස් මිහිරිව අමුනන
නිලියනි නිරූපිකාවනි
වසගකාරීය තොපේ උවනත් පෙල

ගිජු නෙතින් කාසි රුපියල් ගනින
රෙදි මනින බඩු කිරන මස් කපන
වෙලන්දනි තොප මුහුනු
මිනිස් මුහුනක්මද සැක සිතේ මට

කිසිදු තෙතමනයක් නොපෙනෙන
බලය බලහත්කාරයම තදින් වපුරන
බලවතුනි තොප මුහුනු
ඝන තහඩු සේ දිසේ මට

සුතනඹුන් දරු සෙනේ කද සුරකින
සා පවස සුදහ ගිනි දුක් නිමවන
මුහුනක් වෙතේ ඔය මුහුනු යට සැගවී මුවාඋන
පදා ගතහැකිය විනිවිදිව් කල පිට කබොල

ඉඩක් ලද ඇසිල්ලේ අදුරු අහුමුල්ලක
පිලිකන්නක කොහේ කොතැනකදී උව
පැලදගෙන හැඩ බලන
ඒ පොදු මූන සුරැකිනු පිනිස කොහොමහරි
පැලද ගෙන නොවෙද ඔය වෙස් මූනු පෙල

මහා කරුනාවෙන් ඉවසා වදාරමි
ඔය වෙස් නැටුම් මම- නිර්භයව

Friday, July 22, 2011

දුර්ග මගක ගිය සුමිතුර....





එකම පාසලේ එකට
අකුරු ඇහිදූ අප එකල
එමග යන අතරමග උඹ
නතරවිය දිවි බර දරනු නොහැකිව
මිහි ලයට අමුනමින් තම දිවි සැරිය

පය ගසා සිටි පොලොවම කැන
අදුරු දෝනා පතල් හාරා මැන
නුඹේ ගමන් ගති - මිණි සොයන මග

එගිලෙන්න පාවෙන්න
වෙරදරද්දී මුලු ලොව
කුමට යන්නේද මේ
ලකයක් නැති දුර්ග කටුසර මගක
යටිසිතින්, සොපහාසයෙන්
සිනාසුනි අප එදවස

අකල්හී පවලම් පොටින් ගිලිහුනු
ලපටි තරුවක් සේ උවද අපට උඹ
මිහි මවට
වහා නොවලවහා පුරුදු උනුසුම සොයා ආ
පෙම්බර පුතෙකු සේ දැනෙන්නට ඇති උඹ

පතල් දෝනා හාර හාරා යන කටුක මග උඹටද
හිනි මගක් විය මිහි මව් තෙතමනය සොයා යන

පොලොව හැරදා වැවෙන
දිලෙන රුවැති සෝභන මග - අතරමග
උගුල් කඩතොලු වල හැපී මිරිකී
විසුලු රූ මැව්වද අප මුහුනු
රබ්බඩ හිනාවක් කට පුරොගෙන
දොලොස් මහ පාන සේ හිනැහේ
උඹ කටුක දිවි බර දරාගෙන

වාසියක් ඇතත් නැතත් අදදින
මිනි සොයා ඒ විද්ද විදමන තුල
අලුත් පතලක් කනිනු ඇත නුඹ
නැවත හෙට උදෑසන සතොසින

ඝන මහ පොලොව කැන
මිහි මව් ලය පාමුලටම වැද
කඩා ගොඩ ගැසූයේ ඉල්ලම් පමනක් නොව
මව් ලය උනුසුමට වැද වඩවා ගෙන නොවෙද
නොසෙල්වෙන දැඩි හද ගුන කැටයම
ලෝ දහම් කටුවෙන් මුවහත් කොට

අපටද යම් දිනක සොයා පදා ගත යුතුම
ගොඩගැහී දින දින වැඩී ඔපමට්ටම් වන
වලන් කටු ඉල්ලමක්
ඉපදිලා ඇති බව දකිමි
උඹේ තුනු හද මස තුල

Sunday, July 3, 2011

තිත.




ඔබට ඕනිඋනා හැමදේම
ගානට තිතට නූලට - නීතියට රීතියට
එහෙව් නුබ හැරගියා පෙම
පොතෙ හැටියටම
තබා යලිනොනැගිටින
නැවතිමේ තිතක්

හද පතුලතෙ නොදන්නා තැනක ඉපදී
එකතු වී පිරිපහදු වී නැවුම්වී විහිදෙන
දියබුබුලකිය මගෙ පෙම
එහෙව් සොදුරු විහිදුමක් වූ එය
එක පහරකින් හිටි හැටියේම
ගමන් මග අහිමි වූ කල
අනාථව අසරනව සැරිසරයි
කෙශනාලික වී විහිදෙමින්
අදුරු මහපොලොව මැද
වනසමින් දියකරමින්
මටද අවසග නොවන මගකිය එය

මතුදිනක
සොදුරු කුලවමියක සමග
ඔබ පා දරා සිටින උස් බිම
දෙදරවා ඉරිතැලී නාය යන විට
ඔබ සිතයි පොතෙ හැටියටම
මේ තමයි
කිසිවෙකුට අවසග නොවන
සොබදමෙහි බලගතු බලය බව

ඔව් ඇත්ත
කිසි දෙයක් වනසාලනු නොහැක
දෙයක් අන් දෙයකට පෙරලෙනු මිස
සොබා දහමෙහි සදා නීතිය මේ තමයි

Friday, June 24, 2011

දිවි දොලදුක


අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදින
අර උස් කදු මුදුන් තරනය කොට
දිවි ගෙවමු අපි උදාරම් ලෙස
දිනෙක පැවසීය ඇය
තම දිවි දොලදුක

අහෝ සොදුරිය කදු හිස් යනු
අහස ජය ගනිමි යයි
සුනරුත් පැතුම් පොදි බැද
අතරමගදී මියගිය ගමනක
ඝනීභූතවූ නටබුන් වෙති
වඩා උස් කදු මුදුන් යනු
වඩා වැඩි කාලයක්
අර්ථවිරහිත ගමනක් ගියෝ වෙති

අපි හිදින් මේ තනි සමතලා බිම

ගමන ඇරබුමටද පෙර
වටහා ගත්තෙකිය ඒ නිසරු බව
ඉදින් සොදුරිය
හීන මානයට නොගනින්න මෙබිම මේ ලෙස
දිවි ගෙවුමු අපි සමතලා බිමක සරු ලෙස

Saturday, June 18, 2011

ජය ගතිමි මම අහස



අහස ජය ගනු රිසිව බොහෝ අය
උස් කදු පන්ති ගිරි ශිකර
නොයෙක භූ විශමතා තැනූවත්
මම
පැතලි වී, මට්ටම් වී, වැතිරුනෙමි
සයුරු ජල තලය ලෙස
ලවැලි තලාවක් විලස

සැහෙන්න තරම් තරු පිපේ දැන් මට පෙනි පෙනි
නෙක මේඝ කුළු සෙවනැලි පහස විදිමි ඒ මදිවට
ගොඩක් අය නොදැක්කට
අහස වැඩියෙන්ම ජය ගත්තෙ මම

Thursday, June 9, 2011

ඇගේ අහස


ඈ විසූ මැදුර අභියස
විසල් නිල් දිය පොකුනකි
ලොකූ කොටසක් කඩාගෙන අහසින්
ඈ විදී දිවි සරස සුව උදාරම් ලෙස

ඇගේ පොකුනෙන්ම
දිය දෝතක් රැගෙන මම
පෑය මම මට රිසි තරම
අහස් රුව ගුන