Thursday, July 13, 2017

කොහොමද ඔප්පු කරන්නේ

පෙර දිනයේ කොලඹ හා තදාසන්න පෙදෙස් වලට ඇද හැලූනේ අසාමාන්‍ය වරුසාවකි. එය සියලූ කාලගුන අනාවැකි බොරු කල කොල හැලෙන පෙබරවාරිය මැද ඇද හැලූනු මුරුගසන් වරුසාවක් මෙන් විය. හවස හතර පමන වන විට කොහෙන්දෝ පැමිනි ගන කළු වැහි වලා වලින් කොලඹ අහස පිරී ගොස් උස් ගොඩනැගිලි සමග දර්ශනය උනේ ලෝක විනාශය ගැන පෙන්වන හොලිවූඞ් සිනමා දසුනක් මෙනි, ඉන් පසු ඇද හැලූනු මහ වරුසාව මැදියම් රැය තෙක් නොකඩවා ඇද වැටෙන්නට විය. රුදු ගොරහැඩි සුවිසල් තිරිසන් සත්වයෙකුගේ නේක අතවරයන්ට ලක් වූ තිරිසන් මලකුනක දැකිය හැකි රුදුරු ප්‍රහාරයක සලකුනු මෙන් ඒ වැස්සෙහි සලකුනු මං මාවත් මතද නගර උද්‍යාන වලද උස් ගොඩනැලගිලි මතද දක්නට ලැබුනි. චන්ඩ දිය පහර විසින් ගොඩ ගෙන මංමාවත් හා පදික වේදිකා මතද ඉතිරිකර ගිය කුනු රොඩු නගර පිලිවෙල වෙනස් කරමින් දුර්ගන්ධයද පතුරවමින් තිබුනේ තාමත් නගරසභා සේවකයන්ට ඒ කුනාටුවෙන් ඇති වූ තත්වයට මුහුන දී ගත නොහැකි බව කියා පාමිනි.

විකුම් රාජගිරියේ සිට කොල්ලූපිටිය දෙසට සිය මෝටර් රථය පැදෙව්වේ කොල්ලූපිටියේ පිහිටි වැඩ බිමක් නිරික්ශනය කල වූ යුතු බැවිනි. වැස්සෙන් අවුල් වියවුල් වී ගිය නගරය හා අවට වටපිට බලමින් පැමින කාසල් කාන්තා රෝහල පසු කරනවාත් සමග පිහිටි දුම්රිය හරස් මගේ ටාං ටාං ගා හඩවමින් රේල් ගේට්ටුව වැසුනේ  එතෙක් ඔහු නරඹමින් පැමිනි සිනමා පටියක විවේක කාලය පැමිනි  පරිද්දෙනි

දුම්රියට ඉඩ දී වහා නතර වූ රථ පෙලෙහි දෙවෙනි පේලිය තුල විකුම් ගේ රථය සිර විය තමා මෙතෙක් නරඹමින් පැමිනි රූපාවලියට තවත් දර්ශන එකතු කර ගැනීමට මෙන් අවට වට පිට බැලූ ඔහුට ඒ රුව දර්ශනය විය.

ඇය පැමිනියේ කොටා පාර දෙස සිට දුම්රිය මගට සමාන්තරව දිවෙන  පදික මග දිගේය දුම්රිය ගේට්ටුව අසලට පැමිනි ඇය වට පිට බලා දුම්රිය තව ප්‍රමාද වනු දැක කාසල් රෝහල දෙසට පාර පැන්නාය. ඉන් පසු හිස්වී තිබූ රාජගිරිය දෙසට වූ මංතිරූ පසු කර නවත්වා තිබෙන රථ පෙල අතරින් මුළු මාර්ගයම තරනය කිරීම ඇගේ අරමුන විය.

ඒ අතරතුර ඔහු දස වසකටත් වැඩි ඈතක මතකයක සිටි ඇය වත්මනට ඇද මේ ඇයම බව හදුනා ගත්තේය, ඒ කහැටු ඇගට මදක් මස් දා තිබුනද කිසි දිනක සාරියක් හැද සිටිනු ඔහු නොදැක්කාට තව බොහෝ අංග ලක්ෂන වලින් දසකයක් පරිනාමය වූ ඒ නිහඩ ගැහැනිය ඇයම බව ඔහුට සපත කල හැක

පුදුමකයට මෙන් ඇය පාර පැනීමට පලමු රිය පෙල හා පසු පස පෙල අතර ඉඩ තෝරා ගත්තාය ඒ අභිප්‍රාය තෙරුම් ගත් ඔහු පැති වීදුරුව  ඇර ඇයට ඇමතීය.
”මංගලිකා මංගලිකා..”

ඈ ඒ අනපේක්ෂිත හඩින් විපක්ශිතව ප්‍රශ්නාර්ථයක් වූ මුහුනෙන් රියෙහි ඉදිරි කව්ලූව කරා ආවාය

”මම හිතන්නේ ඔයාට ලොකු වැරදීමක් වෙලා මම මංගලිකා කියල කෙනෙක් නෙමේ”
”නෑ ඔයානම් එයාම තමයි බොරු නේද  කියන්නේ මාව මතක නැද්ද මම විකුම් පෙරා කැම්පස් හිටියේ”

”මම එයාමයි කියලා කොහොමද ඔප්පු කරන්නේ ?”

ටාං ටාං ගා ගේට්ටු සංඥා  හැඩවෙන අතර මහත් ඝෝශාවක් නගමින් දුම් රිය ඇදී ගියේ මහපොලව දෙකඩ කරන සුවිශල් ඉරුම් යන්ත්‍රයක් පරිදිය., යෝධමය අතක් එසවෙනවාක් මෙන් රේල් ගේට්ටුව විවෘත වන්නට විය. රථ සේනාවම පන ගැන්වෙමින් ඝෝෂා නගමින් ඉදිරියට යාම අරඹන්නට විය.ඒ අසාමාන්‍ය පිලිතුරෙන් ඔහුගේ මනෝ ලෝකය කැලඹින පසුපසින් සිටි රියදුරන් දෙතුන් වරක් නලා නාද කරනාතුරු ඔහුට ඒප්‍රවාහයට එකතු වෙන්නට බැරි විය,

”කොහොමද ඔප්පු කරන්නේ ?”

ඒ පැනය ඔලූව තුල යලි යලිත් නිම්නාද වෙද්දී රථය ඉදිරියට පැද වූ ඔහු පැති කන්නාඩියෙන් දුටුවේ මන්තිරූ  වෙන් කරන මධ්‍ය රේඛාව මත නොසෙල්වී හිටගෙන සිටින ප්‍රතිමාවක් බදු ඇගේ රූපයයි

උසස් පෙල කඩ ඉම ජය ගත් ඊටත් වඩා ඉංජිනේරු වෘත්තිය අභිමුවෙහෙයි සිටි එකල ඔහු සහ සමකාලීන යහළුවන් ගත කලේ සියුම් අභිමානයක් හිතේ රදවාගත්තවුන් ලෙසය. එහෙත් තාරුන්‍යයේ හොදම කාලය ගතකරමින් සිටි ඔවුහු ඇඟ අතුලෙන්ම එන ලිංගිකත්වය පිලිබද නොහික්මුන පිපාසයකින් දිවි ගෙවීය. පුර්නකාලින ප්‍රේමවන්තියන්  සිටියේ ටික දෙනෙකුට පමනි. එහෙත් ඔහුද ඇතුලූ  ඉතිරි අය දිවි ගෙව්වේ සුවිසල් යුගල ඇදක් අඩියක් පමන ගනකම් මෙට්ටයක කුලූදුලේම ඔහු වෙනුවෙන්  සැතපෙන්නට ඇත් දල පාට හෙලකුලැති යුවතියන් කොහේ කොතැනක හෝ ඒ මොහොතේදීත් ඔවුන් වෙනුවෙන් හැදී වැඩෙනා බවක් සිත් තුල දරා ගත්තවුන් ලෙසය. කල යුතුව ඇත්තේ එයට කල යල් බැලීමත් එක්තරා අන්දමක පෙර සුදානමකුත් පමනි.

එහෙත් ඇඟ ඇතුලෙන්ම එන කුතුහලය හා නොඉවසිල්ල මුසු අවේගයන්ට ඔවුන් තාවකාලික පිලියම් හෙව්වේ අර විශල් සිහිනයට අබටැක් තරම් බලපෑමක් වත් නොවන පරිදිය. සමහරුන් ගාමන්ට් ෆැක්ටරි අරින වහන වෙලාවලට ඒ අසල පාරවල් වල රස්තියාදු විය, සමහරු බස් පෝලිම් වලද සෙනග පිරුනු බස් වල යුවතියන් රැදි එක් පසක් හිස් වූ අසුන්ද සොයා ගියහ. කලාතුරකින් කෙනෙකුට සියලූ රස වැළදිය හැකි තැන් හමු විය. සමස්ත්ය්ක් ලෙස තම අවේග පිටකල හැකි කුමක් හෝ කුරුබිලියක් සොයා ගැනීමට සියල්ලන් සමත් වූ බව හෙලි උනේ ඉදහිට ඔවුන් එකතු වී කල කයිවාරු කතා බහ වලදීය. .

එවන් වූ සාපිපාසිත සමයක කුරුනෑගල සිට සරසවිය තෙක් සති අන්ත සැදෑවක ගමන් ගත් ඔහුට මංගලිකා හමු උනේ කුරුනෑගල නුවර සාමාන්‍ය පන්තියේ බසයකදීය.

ඉන් පෙර අතරින් පතර එවන් ගමන් වලදී ඇය දුටු බව ඔහුට දැනුනේ අහම්බෙන් දිනක ඇය සිටි අසුනේ ඉතිරි අඩ පුරවන්නට ලැබුනු අවස්තාවකදීය. එ හැර සුවිශේශ ලෙස ආශක්ත වන කිසිදු ලාලිත්‍යක් අගෙන් නොවිහිදුනු බව තලෙළු පැහැ අගේ කෙශග සිරුරෙහි එකල තාරුන්‍යයෙහි සිටි ඔහු වසග කරන කිසිදු අංග ලක්ශනයක සලකුනුනකුද නොවීය.

නම මංගලිකා බවත් සාමාන්‍යය කලා උපාධි අපේක්ශිකාවක් බවත් ඔහුට දැන ගැනීමට එම ගමන ප්‍රමානවත් විය එලෙස ඇරබුන ඒ මිත්‍රත්වය පහසුවෙන් ඒ අසාමාන්‍ය සබදතාවය දක්වා වර්ධනය කර ගැනීමට ඔහු සමත් විය. ටික කලකින්ම ඒ එන අතරමග ක්‍ටුගස්තොටින් බැස සිගිරි හෝල් එකේ බොක්ස් එකකට රිංගිමට එකල ඔවුන් පැවසූ පරිදි ”අදින්න” ඔහු සමත් උනේ රහසිගතවමය.

ඇ කෙට්ටුය. සිහින් දිගු බෙල්ල හිස කද අතර  ඕනවට වැඩි දුරක් සලකුනු කරයි . කෙට්ටු ඇගිලි හා දෙයත්ල රෙදි සේදූ දර පැලූ ගැහනියගේ මිස සැපසේ සිප් සතර හදාරන සිසුවියකගේ මෙන් නොවුනි. මදක් පඩු පැහැ ගැහුනු වරලස බොහෝ විට පෝනි ටේලයක් පරිදි ගැට ගාසා තිබිනි. නිතර සා පිපාසාවකින් සුදහ ගින්දරෙන් පෙලෙන කෙනෙකුගෙ බදු ඇගේ මුහුනත මත කැපී පෙනුනේ මදක් රතු පැහැ නිතරම මදක් විවර වූ මුව වටා පිහිටි දෙතොල පමිනි.

එවන් වූ ලිං පතුල් සබදතාවකට ඇය කැමති  කරගත්තේ කෙලෙසද යන්න ඔහුට දැන් මතක නැත ඇය කැමති වූයේ ඇයිද යන්න ඔහු ඒ බව කිසි දිනක නෝඇසූ  නිසා නොදන්නා දෙයකි. සිය යව්වන සිරුර මහත් සුපෝපභෝගී බාන්ඩයක් ලෙස පරිහරනයට කිරීමට ඇයව පෙලභීම ඔහු සාර්තකව කර ගත්තේය.ඈ ඒ ඔහු සලකුනු කල සීමා මායිම් සමහර හිතුව්ක්කර දවස් හැර  බොහෝ විට පිලිපැද්දාය  කුරුනෑගල ඈත ගමක පොල්වත්තක් කෙලවර දිවි ගෙවන කැත කළු කෙල්ලකට ලැබී තිබුනේ කලාතුරකින් ඇරෙන සුරපුරයක දොරටුවකි, ඈ ඒ දොරටුවෙන් ඇතුල් වූවා පමනක් උවද සත් මහල් ප්‍රසාද දැක ගත්තා පමනක් උවද එයින් සැහී ඔහුට අවනත වීම බාර ගත්තාය

”කොහොමද ඔප්පු කරන්නේ ?”

ඇය නගා තිබුනේ ඔහු කිසි දිනක අපේක්ෂා කල පැනයක් නොවීය. එය ඔහු මෙතෙක් කල් විසදූ ගනිත ගැටලූ වෘත්තීය ගැටළු  ආදී විකුම් ගේ සියලූ වික්‍රමයන් සහලෝලන පැනයක් විය අනෙක ඔහු දැන සිටියේ ඔහු උගත් ශිල්ප දැනුමට අනුව යම් විද්‍යාත්මක ඔප්පු කිරීම් පමනි. මෙවන් සබදතවක් දැන හැදුනුම් කමක්  ඔප්පු කල යුතුද එය කරන්නේ කෙසේද යන්නට විකුම්ට උත්තර තිබුනේ නැත අනෙක එවන් පිලිකන්නේ සිදු වූ සබදතාවයකට එතරම් තැනක් ඔහුගේ ලෝකයේ කිසිදා තිබුනේද නැත

ඒ පැනය තුල යම් වචනාර්ථ ඉක්මවූ ගතියක්ද විය ඇය ප්‍රකාශ කරන්නට හැදුවේ කුමක්ද? රුදු පලිගැනීමක් උපහාසයක් එහි කැටි කොට තිබුනෙහිද? මතුපිටින් බැලූ කල එය නිතර රූපවාහිනියේ ප්‍රචාරය වූ දැන්වීමක දෙබසකි ඒ පැනය නගන්නේ මවක් වැසිකිලි පිරිසිදු කරන දියරයක් රැගෙන ආ කෙනෙකුගෙනි ඒ අසල සිටින් ඇගේ පුතු එය පුනරුච්චාරනය කරන්නේ විපක්ෂිත වූ අයුරිනි. අද විකුම්ද ඒ කුඩා දරුවා ගේ භූමිකවට පත් වී ඇත ඇගේ අභිප්‍රය එයද?

ස්වභාවයෙන්ම නිහඩ එකියක් සේ පෙනුන ඇය හිටිගමන් තොරතෝංචියක් නැතිව කියවුයේ හිටිගමන් ආරූඩ වන තැනැත්තියක මෙනි. එයට තුඩු දුන් හේතු කවරේද යන්න ඔහු කෙසිදා සොයා බැලූවේ නැත.

කොච්චර ඇඳ ගසල නිදා ගත්තත් ටික වෙලාවකින් කූබි කනව කනව වගේ දැනෙන එකක් ගැනද බස් එකකට නගින්නට යාමේදී කැඩුනු සෙරෙප්පුවක් ගැනද ගේ ලග ගස් බෙනයක සිටි පලා ගිරවෙක් ගැනද මෙන් වැඩකට නැති එකිනෙකට සම්බන්ද නැති දෙවල් දෙඩෙව්වාය

”ඇයි  ඕවා මාත් එක්ක කියන්නේ ”
ඔහුට සැමදා එහෙම කියන්නට සිදු විය.

”පහු ගිය පෝයට අපි සෙරොමල්ල පන්සල් ගියා. අපේ පන්සලේ අළුතින් හදාපු සීමාමාලකේ විවෘතේ තිබ්බෙත් එදා අම්මෝ එදා පන්සල මගුල් ගෙයක් වගේ මං ජීවිතේට දැකලා නෑ ඒ තරම් දිලිසෙනවා  පන්සලක්. බලූබ් දාලා ගස්වලයි වෙහෙරෙයි අරහෙයි මෙහෙයි හැමතනම හරියට ගැටබේ කානිවල් පොල වගේ. සීමාමාලකේ හැදුවේ ගමෙන්ම සම්මාදන් එකතු කරලා එකේ අඹල තිබ්බ එක එක ජවනිකා වලට යටින් ඒ කොටසට සම්මාදන් උන අයගේ නම් ගහල තිබ්බා මිනිස්සු සෙරොමල්ල පොලිමේ යනව එවා බලන්න බුදු ගේ පාලූවට ගිහින් පොර කකා හැමෝම සීමාමාලගේ ඇතුලේ පොදි ගැහිලා අපිත් ගියා ඉතින් එවා බලන්න කිසා ගෝතමී නිබ්බුත පද කියන තැනදි අල්ලපු ගෙදර මල්ලි අක්කේ උබට වැඩිය කිසාගොතමී මහතයිනේ කිව්වෙ මහ හය්යෙන් සෙරොමල්ල මගේ දිහා බැලූවා එතන හිටපු කොල්ලො ටිකක් සාදු සාදු කිව්ව මට හිතුනා උගේ කට තලන්න එහෙම තමයි බන් රජ කාලේ කිසාගෝතමිලා කියල දමයන්ති අක්කා කිව්ව එකෙන් ඒ හිනාව  වෙන හිනාවකට පෙරලූනා”

”ඇයි ඕවා මාත් එක්ක කියන්නේ ”

ඔහුට තිබුනේ සුපුරුදු ප්‍රතිචාරයමය. ඇගේ මුව ගොලූ විය කමින් සිටි බත් පතද අහකට කල ඇය යමක් උගුරේ සිර වූවාක් මෙන් වතුර බී ගෙන බී ගෙන ගියාය. ඇයට පවසන්නට හැකි උනේ ”නිකන් ”කියා යන්න පමනි ඉන් පසු එදා ඇය හැසිරුනේ ඇතුලත ඇති සියල්ල හිස් වූ ඉතිරි වූ රොඞ්ඩක් පරිදිය. සිහිනෙන් ඇවිදින්නියක් බදු වූ ඇගේ උවනත ඇතුලත ඇති දෙය පිලිබද කිසිත් නොකියන පොත් පිටකවරයක් බදු විය.

අද මෙන්ම ඇය යලි යලිත් ඔහුට මුන ගැහෙනු ඇත
”කොහොමද ඔප්පු කරන්නේ ?”
එහෙත් ඇය එසේ යලි යලිත් ඒ සාහසික පැනයම නගනු ඇත . එයින් හැගෙනුයේ මංගලිකා යනුවෙන් කෙනෙක් නොසිටි බවද ඇය ඇත්තටම බොරු නමක් ඔහුට ප්‍රකාශ කලාද?

එකම සරසවියක උවද ඔහු කිසිදිනක ඒ සබදතාවය සරසවිය තුලට නොගෙනාවේය. මහවැලි ගගෙන් එගොඩ පිහිටි කලා පීඨ ඔවුන් දුටුවේ නිතර උද්ඝෝසන පිකටින් හා ජරාජීර්න දෙශපාලනයේ ගොදුරු බිමක් ලෙසය. වැඩකට නැති ශිල්ප හදාරන අවසානයේ රැකියා විරහිත ගොඩට එකතු වන කාලකන්නි ජීවිත ගත කරන්නවුන් ලෙසය. පේරාදෙනිය සරසවිය යන නම ඇසු පමනින් මතක් වෙන ගොඩනැගිලි කැටයම් ගල් කනු ඒ ගොඩට වැටුනද සැබෑ සරසවිය මෙගොඩ බව ඔවුන් තම තමන්ටම සපත කර ගත්හ. එගොඩ මෙගොඩ යා කල අක්බාර් පාලමද ඉංජිනේරි ශිල්පය උත්කර්ශයට නැංගුවා මිස මිස එහි ඇති  කලාව කුමැක්දැයි ඔවුන් ප්‍රශ්න නැගූහ. එතකින් නොසැහී විකුම් තමන්ට පමනක් දැනෙන ලෙස උපහාසයෙන් හිතුවේ තමන්ට ලිංගික වහලියක් සැපයූ වහල් බිමක්ද එහි ඇති බවයි.

හරි ආරම්භයක්ද නිශ්චිත අවසානයක්ද නොවූ ඒ සබදකම ඔහුගේ සරසවි ගමනේ නිමාවත් සමග අවසන් විය එය හරි විදිහට විරාම සලකුනු නැවතිමේ තිත් ඇතිව ලියා අවසන් වන කතාවක් ලෙස ඔහු කිසිදිනක සිතුවේවත් එසේ වියයුතු යයි හැගීමක් දැරුවෙද නැත.නිසැකව ඔහුට  ඕනෑ කරේද එයයි. කිසිවක් සිදුනොවූ දෙයක් වෙන එක එක අතකින් ඇය තනන්නේ එය පූර්නය කිරීමටද ඒ අනුව යලි සැබෑ ජීවිතේදී හමු නොවන බව කීමද, සැබෑ ලෙස නොපැවතුනු සබදතාවක් ඊට අඩු අගයකින් පැවත්විමටද අවශ්‍ය වන්නේද නැත . ඇය ඉල්ලන උත්තරය එයද?







එය රාස්සිගේ අව්ව වැටුන සන්ධ්‍යාවක් විය. කහ පැහැති ඉර එලිය වැටුනද අදුර ඒ වන විටත් ලියලා එමින් තිබිනි. ඒ මොහෙතේ සුලග නතර වී තුබුනේ මුලූ හාත්පසම ගල්ගැහුනක් මෙනි ඒ කපුටෙක්වත් කරව් නොකරපු නිහඩ සුයාමයේදී ඈ ආවාය. හුරුපුරුදු එකියක ලෙස ගේට්ටුවෙන් ඇතුලූ වී ප්‍රධාන දොර තුලින් ඒ මැදුරෙහි ආලින්දයට පිවිසුනාය සිහිනය තුලද ඔහු හිටියේ ඇද මත නිදාගෙනමය එහෙත් බිම් මහලේ සිදුවූ සියල්ල ඔහු දුටුවේ ආරක්ශිත කැමරා පද්ධතියකින් දකිනා පරිද්දෙනි. එය කෙසේ සිදු වූවද යයි සොයන ඔහුගේ ඉංජිනේරූ දැනුම ඒ සිහිනය තුල අතුරුදන්ව  තිබිනි. තවද එය සෑම අතකින්ම සැබෑවට සම විය සිහිනය තුලද එය බිරිද හා දරුවන් ගෙදර නොසිටි වේලාවක් විය.

විසිත්ත කාමරයෙන් උඩුමහලට පිවිසෙන තරප්පු පෙල ඇය පහසුවෙන් සොයා ගත්තාය. ඒ එන අතර ඊට යාබදව පිහිටි මැද මිදුල දෙස ඇය හෙලූවේ සොපහසින් යුතු බැල්මකි. එය තම බිරිද ඉතා අශාවෙන් මෙන්ම අනිවාර්යෙන් ගෘහ සැලැස්මට ඇතුලත් කල අංගයකි. මැද මිදුලක් යනු නිවසේ ගාම්භීරත්වය පෙනන අංගයක් ලෙසය ඇය දුටුවේ

” මෙච්චර හතරවටෙට ජනේල් දොරවල්, තියාගෙන මැද මිදුලක් බම්බු ගහන්නයැ තියෙන ලොකුකමනෙ”

ඇගේ සදය උපහාසයෙන් ඒ කඩා ඉඩ කොටස මහත් ලැජ්ජාවෙන් ඇභරුනි

 උඩු මහලට පැමින ඔහු සිටින ප්‍රධාන නිදන කාමරය කරා අවේ දැන්ය. එහිදී පලමු වරට ඔහු ඇය සමීපව දුටුවේය
ඇය කහ පහැති ගවුමක් ඇද  කොන්ඩය ඒ දවස්වල මෙන් පෝනි ටේලයක් ලෙස ගෙට ගසා සිටියාය  ඇය මලමිනියක් බදු විය. සිරුර තුල ඇති සියලූ අභ්්‍යන්තර ඉනද්‍රියන් දියකර උකු ද්‍රාවනයක් පුරවා සැදූ මිනිස් ඩමියක් ලෙස ඔහුට ඇය පෙනෙන්ට විය.

”ඔන්න මම ආවා හීනයක් වෙලා දැන් ඉතින් අයේ එලවනව බොරු. හීන වලට වැට කඩොළු දාන්න පුලූවන් කාටද ?

ඔයා මෙච්චර කල් ජීවත් උනේ කව්දෝ හදලා දුන්න න්‍යාය   පත්‍රයකට අනුව. ඒ  න්‍යාය පත්‍රයේ අපි වගේ මිනිස්සු හිටියේම නෑ එහෙම බැලුවම ඇත්තටම මෙච්චර කල් ජීවත් වෙලා නෑ කියන්නත් පුලූවන්. ඔන්න දැන් හීනෙන් මං ඇවිත් ඉන්නවා ඔයා ඔතන නිදා ගෙන ඉන්නව ඔන්න දැන් නම්මොකක් හරි ජීවිතයක් තියනවා.

ඔයා කවදාවත් දැනන් හිටියේ නෑ ඇත්ත ජීවිතේ වගේ තමන්ට  ඕනි  ඕනි ව්දියට හීන ලොකේ මෙල්ල කරන්න බැරි විත්තිය හීනේකට මම එන එක නවත්තන්න සැක්කරයටවත් පුලූවන්ද? හීන ලොකේට තියෙනවැ උස් මිටි කම් පන්ති බේද ඔය මහ ලොකු මහන්තත්තකම්

තමුසේ ඇත්ත ලෝකේදි මට අගු පිලක් දුන්නම මම කරබාගෙන හිටියා උඹ හිතුවා මගේ මෝඩ කම ගොන් කම කියලා නල්ල මලේ බඩුවක් තමයි කියලා එදා ඉදන් මම අර ඇන්දේ මේකට යකෝ උබට තෙරෙනවද ? දැන්”

ඇය වියරු සිනාවක් නැගුවාය


ඒ වනවිටත් එදා ඇය පාර පැන්නා නොව සැබෑවෙන් සිහිනයට සිරුමාරු වූ බව ඔහු ප්‍රථම වරට තෙරුම් ගනිමින් සිට්යේය

Sunday, May 14, 2017

නිල දියකරල හදවතට වක්කරනව

"ඔබ නැතිව ඔබ එක්ක" බැලුවම එකේ මගේ සිත්ගත්තම දේ උනේ චරිත සමග හරිහරියට යන්න තෙමාත්මක වර්නයක් භාවිතා කරල තිබුන එක. එක හරියට කතාවෙ ප්‍රධාන චරිත තුන සරත්සිරි, සෙල්වි නිල් පාටයි වගෙ. 
මෑතකාලීන වෙළදදැන්වීම් වල මේ උපක්‍රමය බහුලව භාවිතා වෙන්නක්.එවායෙදි අදාල වෙළද නාමයේ වර්නය සහිත පසුතල ඇදුම් පැලදුම් යොදාගන්නව එත් මේ චිත්‍රපටියෙදි ඒක, ඒ සංකල්පය ඊට වඩා ගැඹුරු තලයකට ගේනව.
නිල් පාට කදු වලලු ඈතින් පේන කුඩා නගරයකට නිලක් තැවරුන මීදුම ගලාඑනව, නිතරම වහින වැස්ස ඒ නිල දියකරල හදවතට වක්කරනව. අදුරු නිලට හිරු ඇදුම් ඇදන් ඉන්න උගස්කඩ කාරයෙක් ලගට එන ඔක්කොම අයත් නිලක ගිලීගිහින්, අපිට පෙන්නන ගෙදර ජනෙල් තිර ඇද රෙදි විතරක් නෙමේ උනුවතුර බොතලේ පවා නිල් පාටයි,පරන උනු සුදු බිත්තිවල පවා දියවෙලා යන නිල් පාටක් තියනව චිත්‍රයක වගේ,සරත්සිරිගේ හඩු නිල් පාට සරම එයා බිරිදට ඉන්දියාවට යන්න අදින්න ගේන නිල්පාට සාරියත් අතර අදුම් පැලදුම් සෙරම නිලට නෑකම් කියනව, මුලින්ම එයා සෙල්වි දකිනකොට ගින්දර රතු තැබිලි පාට සලුවක් ඔලුවට දාගෙන හිටියට ඊට පස්සේ එය එක අදින බවක් පෙන්නේ නෑ. ඉතින් එයා නිල් පාට සල්වාරියක් ඇදගෙන නිල් පාට කදු දිහා බලාගෙන නිල් පාට ජනේලෙකින් පැනල මැරෙනව.


මේ චිත්‍රපටියේ නිල් පාට භාවිතා කිරිම විතරක් නෙමෙ විශේසත්වය, මෙතෙක් නිල් පාට ගැන තිබ්බ සියලු මතවාද කනපිට හරවන එක. පිරිමි බව පෙන්වන සන්කේතාත්මකව වර්නයක් වන නිල් පාට නිදහස් බව එක්තරා අන්දමක සැහැල්ලුවක් සිසිලසක් ඇති වර්නයක් විදිහට මට මෙච්චර කල් දැනුනෙ. එත් මේ චිත්‍රපටියෙදි එකෙ ප්‍රතිපක්ශය  කියන්න පුලුවන් සිතුවිලි ලෝකයකට නිල ගෙනියනව.

නිල්පාට ගුප්ත කදු අතර ඉතාමත් හෙමින් ගලායන නිල්මීදුම සැහැල්ලු ලොකයක් විදිහට නෙමේ පේන්නේ මහා බර සදා කිසිදා වෙනස් නොවන කවදාවත් වෙනස් කරන්නත් බැරි මුඩුම මූසල ඉරනමක් ගැන කතාවක් කියනව, ඒ නිල්පාටම ඇදන් ඉන්න උනු ඉතා කුඩා ජීවිත දෙකක නිහඩ අරගලය මහමේරු පර්වතයක හිස ගසා ගන්නව වගේ දැනෙනව, එක හරියට ලෝකය තුල සියල්ල පරිපුර්නතවයට පත්වීම වලක්වන මොකද්දෝ බලවේගයක කතාවක් කියනව, කවදාවත්ම කිසිවක් කිසිදාක පරිපුර්න නොවේය කියල මට හිතන්න අන කරනව. මම හිතින් සෙල්වි සිංහල කෙල්ලෙක් කරල බලනව, එත් මෙ නිල එහෙමමයි, මම හිතින් සරත්සිරි දෙමලෙක් කරල බලව එත් නිල් නිල්මයි.

Saturday, April 15, 2017

හිස් මල් වට්ටියත් කිහිල්ලේ ගහගෙන


සීරුවෙන් ගලවපු කරාඹු දෙක නිර්මලා පුංචි ටිශූ කොල කෑල්ලක ඔතල එයාගෙ අඩුම කුඩුම තියන පෙට්ටියට දැම්ම, මෙතෙක් කල් ලොකු බරක් එල්ලාගෙන ඇවිත් බිමින් තිබ්බ වගේ කන් පෙති සුමුදුවට අත ගෑවෙ කන් පෙති වල වෙහෙස නිවන්න වගේ.නෙලූම් මල් මෝස්තරයක් කැටයම් කරල තිබුනු ඒ පැරනි පන්නයේ කරාඹු දෙක එයාට කොටහළු දවසෙදි දෙමව්පියන්ගෙන් ලැබුනු  එකම වටිනාම වස්තුව උනා. කරට මාලයක් කියන්නේ ඒ දවස්වල හීනයක්ම තමයි, එත් නිර්මලා මෙ කරාඹු දෙකට අසීමිතව ආදරය කලා  එක ගලවල තාවකාලිකව හරි වෙන එකකට මාරු උනේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු වාර ගානකදි.ඒ කරඹු දෙක ආභරනමත් නොවී මොකද්දෝ රන් බරට වැඩි බරක් කියාපාමින් ඇගේ කන් දෙකේ මෙතුවක් කල් එල්ලිලා හිටිය.

ඒ වෙනුවට මුතු ඇටයක් වගේ පේන ලාභ කුඩා කරාඹු යුවලක් ඈ පැලැන්දා ඒ විතරක් නෙමේ රත්තරන් මාලේ ගලවල ඒ වෙනුවට දවසක් බස් එකේදි ගත්ත රත්තරන් වගේ පේන පහේ කාසි මාලයක් දාන්නත් ඇය ඒ වෙනකොටත් හිතලා ඉවරයි. 

ඒ වෙනකොට ඈ ඒ ඉරනමට මුහුන දෙන්න හිත හදාගෙන හිටියේ, පඩිපෙලක් වගේ නැගගෙන ආව ජීවිතේ මේක ඊලග පියවර තමයි කියන තැනට ඇය නිර්භීතව ඒ වෙනකොට ඇවිත් හිටියේ ඉහලට තියන අඩියක් එහෙම නැත්ත්න් පහලට තියන අඩියක්ද  යන්න වින්නිශ්චයක් නැතිව  උනත් මේ අළුත් පියවරට දෙගිඩියවකින් තොරව පයතබන්න ඇය උනන්දු උනා. විටෙක ඇයට දැනුනේ තමන් අඳුරට හිතා මතාම පය තියන්න යනව කියල එත් අවුරුදු හතලිහක් වන ඇගේ ජීවිතේ ඒ වෙනකොට ඒතරම් එලියක් විහිදන්නේ නැතිබව ඈ අමාරුවෙන් වුවද වටහාගාත්තා . පෝයට සිල් ගන්න එකයි ඉදල හිටලා වන්දනාවක යන එකයි ඇරුනම  වෙන කියන්න තරම් ලකයක් නැති සිය මවගේ මහලූ ජීවිතය තුලින් ඇගේ අනාගතය මවා ගන්නට ඒ වෙනකොට ඇයට පුළුවන් වෙලා තිබ්බා එත් ඇට මවටත් වඩා දුක්ඛිත ඉරනමකට මුහුන දෙන්න වෙන බව ඉවෙන් මෙන් දැන ගත්තා. 

විලූභ දක්වා  දිගු සායක්ද උතුරු සළුව සමගින් බුරුල් හැට්ටයක් හැද අරුමෝසම් පාටැති විදුලි එලි මැද ආයාසයෙන් පොල්තෙල් පහන් දල්වනු ඇය ඒ වනවිට සිහිනෙන් පවා දකිමින් සිටියාය. ඈ ඒ වෙනකොට හිටියෙ හිස් මල් වට්ටිය කිහිල්ලෙ ගහගෙන, සොපහාසෙන් සිනාසෙන විශල් වටකුරු පුරා හඳ ඒ සිහින වල ඇගේ හිසට ඉහලින් පායා තිබිනි.

එවන් නිෂ්ක‍්‍රිය මහළු සමයකට අගේ මව  එලබුනේ දරු දෙතුන් දෙනෙකු හදා වදා නොයෙක ජීවිත හැලහැප්පිලි මතිනි එහෙත් ඇය විනෝද උයනක තියන විශල් ලිස්සන උමං මගක් දිගේ වේගයෙන් ඒ කරා ලිස්සා යමින් තිබුනා එසේ ගහක් ගලක් වගේ එවන් ඉරනමකට ගොදුරු වෙන එක පමා කීරීමට ඇති උවමනාව උමතුවක් මෙන් ඇය දවලමින් මේ රහසිගත පියවරට පාර කැපුවා

ඉතා කෙටි කලකින් නිමාවූ විවාහ දිවිය නිර්මලාගේ ජීවිතය මහ දවල් පිපුරුනු වැහි නැති හෙනයක් පරිදි දවා අළු කරල ඉවරයි ඒ වෙනකොට, සුන් බුන් මතින් නැගී සිටින්න ඇය ගත් සැම උත්සාහයක්ම ගඟට ඉනි කැපුවා සේ උනා. තමන් ලබා ගත්ත අධයාපනයට පුළුවන්තරම් සෑහෙන රැුකියාවක් හොයාගෙන  මතුගම ඉදන් කොලඹ ආව නිර්මලා සෑහෙන්න ඉවසීමෙන් ජීවිතේ ගොඩ දාගත්තා. විවාහය කියන කඩඉමේදි නිර්මලාට පාර වැරදුනා පත්තර මංගල යෝජනාවකින් හොයාගත්ත මනමාලයා  තැනින් තැන ගෑනුන් රවට්ටමින් යන පල් හොරෙක්.  පොලිසි ගානයි උසාවි ගානෙයි රස්තියාදු වෙලා කසාදේ කුරුටු ගාගන්නකොට ස්වාමියා යනුවෙන් ඇගේ ජීවිතෙයේ කිසිවක් ඉතිරි උනේ නෑ.. ගොඩක්   අය ඒක ගැන සතුටු උනාට නිර්මලා නම් මොකක් හරි දෙයක් ඉතිරි කරල ගියානම් හොදයි කියල එයාට විතරක් දැනෙන්න හිතුවා. 

ඉන්පසු ගත වූ අවුරුදු හය හත පුරාවට හොයාගෙන ආපු මනමාලයො ඉදිරියේදි ඇය මරන්න ගිනියන හරකෙක් වගේ අවසාන මොහෙතේදි කඹය කඩාගෙන ආපහු දිව්වා. ඒ වෙලාවට විතරක් සිය බොරුකාර පෙම්වතා ඇයට ඉතිරිකරල ගියෙ මොකද්ද කියන  එක යාන්තමට ඇයට දැනුනා. ආලය යනු තමන්වගේ කෙනෙකුට ලේසියෙන් පය තියන්නවත් නොලැබෙන විදුලි රැුස් ලෙළදෙන සිහිනයක්  බවත් ආලය හා සබඳකම් පිලිබද සිය ධනාත්මක චින්තනය කුඩු කමින් අවිශ්වාශය හා භ‍්‍රාරාන්තිය ඇගේ ජිවිත ආශාව මත පිලිකාවක් ලෙස වැඩෙමින් තියෙන බව ඇයට නොදැනීම ඇගේ ජීවිතය වෙලා ගනිමින් තිබුනා.

සති දෙකකට පෙර බස් රථයක් තුලදි ඔහු හමු වෙනකොට ඈය සිටියේ එක්තරා අන්දමක සැහැල්ලූ  සිතිකිනි, යාබද අසුනේ හිටිය කෙනා විදිහට ඇරඹුන අල්ලාප සල්ලාපයේදි ඔහු කිව්වෙ ඔහුගේ නම ධර්මප‍්‍රිිය කියල. නිර්මලා කුමාරී ගමගේ වන ඇය කිව්වෙ කුමාරී කියන කෑල්ල විතරයි, කුමාරිල කී දෙනෙක් නම් ඉන්නවද ේරනුකා කුමාරී, මල්ලිකා කුමාරී රත්නා කුමාරී ,  පඳුරකට ගැහුවම වීසිවෙන තරම් කුමාරිලනෙ, බොරු නොකියමින් ඇය අන්්‍යතාවය පහසුවෙන් රැුක ගත්තා ලෙසියෙන් ගොඩනැගුනු මිත‍්‍රත්වය දුරකථන අංක හුවමාරුවක් දක්වා  දුර දිග ගියා. සිය අංකය ලියපු කඩදාසි කැල්ල ඇයට දෙන්න හදනකොට ඇය දුටුවා ඔහුගේ අතේ දිදුලන මගුල් මුද්ද.

”මම බැන්දේ ගමෙ කෙනෙක්මයි, ඒ ගොල්ලෝ එහෙ ගමේමයි පදිංචිය ඒ කියන්නේ මිදිගම ඔයා දන්නව ඇතිනෙ ගාල්ලයි මාතරයි අතර මම සති අන්තෙට විතරක් එහෙ යනව”

ඔහු එහෙම කියපු සැහැල්ලූ විලාසයට ඇය දෙගිඩියාව අතහැරල එක සිතින් ඔහු වෙනුවෙන් කුමක් හෝ ඉඩක් වෙන් කරන්න ඇය පෙලඹුනා.. එදා සිට ගත වූ දෙසතිය තුල ආලය නම් වූ යම් දෙයක රොබක් වත් නැති එහෙත් ඔවුනොවුන් පමනක් විශය වූ කුඩා ඉඩක් ඇය උදෙසා තමගේ ලෝකයේ වෙන් කර දිය හැකි බව පහදා දීමට සමත් වී තිබුනි. ඇය වඩාත් ආශක්ත කරේ ඒ ඔහුගේ දර්ශනයටය පේ‍්‍රමය නම් මුහවත් සැතකින් ලෝකයේ සබදතා පැහැදිලිව බෙදා වෙන් කිරීමෙන් එවන් රමනීය වූ කුඩා පටු මාවත් වැසි ගොස් ඇති බව ඈ දුටුවා ඇත්තෙන්ම ඒ ලෙසියෙන් රැුවටිය හැකි ඒ වචනයෙන් මිදුනු නිර්ව්‍යාජ ක‍්‍රියාදාමය තුල තහනම් වචනයක් කර ගනීභවනය කරපු විදිහ ඇය පිලිගත්තේ ඔහු සතු දුර්ලභ මිනිස් දහමක් ලෙස.

අනික ඔහුට එහෙම අලූත් පාරක් හොයා යාමට රුකුල් දෙන දෙයක් නිර්මලා අතිනුත් එකතු උනා. නිර්මලා කිව්වේ ඇගේ සැමියා හමුදා නිලධාරියෙක් බව, විවාහයෙන් ටික දිනකට පසු ඔහු ක‍්‍රියාන්විතයකදී මිය ගිහින් ඉතින් ඒ කතාවෙ හැටියට ඔහු වෙනුවෙන් මුළු ජීවිත කාලයම තනිකඩව සිටිමින් උපහාර දක්වන ඇය රනවිරු බිරිදක්.

එය දීප්තිමක් දවසකි නිර්මලා අලූත්ගමට එනකොට දහය හමාරට විතර ඇති චන්ඩ හිරු රැුස් ඒ වෙනකොටත් නගරයට පතිත වෙමින් තිබුනද  පෙර දිනයේ ඇද හැළුනු මහ වැස්සකින් ඉපදුනු ප‍්‍රබෝධය ගහ කොල මතදද නගර ජීවිත මතද  තාමත් නොනැසී තිබුනි 
”ඔයා කිව්ව වෙලාවට වඩා හරියටම විනාඩි විස්සක් පරක්කුයි”
ඇය එනකන් බස් පොලේ බලාගෙනහිටි ධර්මප‍්‍රි්රිය කිව්වා
”කොහෙද ඉතින් බස් එන්නේ අපිට ඔනී වෙලාවට නෙමේනේ,”
ඇය එහෙම කිව්වේ ඇය මෙතෙන්ට වෙනත් කෙනෙක් රැුගෙන අවා වගේ හැගීමකිනුත් එක්ක, 
ඇය එන විට් ඔහු සියලූ දේ සුදානම් කර තිබිනි , ආරක්ශාකාරි තැනක තියෙන කුඩා ලගුම් හලක් එතෙන්ට යන්න ති‍්‍රවීල් එකක් ඒ වෙනුවෙන් ඔහු වෙන් කරගෙනත් තිබ්බ ඇය එනකොට .
ත‍්‍රිවීල් එකෙන් ඒ නගරය පසුකර ගෙවල් මන්ඩියක් අතරතුර පිහිටා තිබෙන ලැගුම් හල වෙත යන විට ඇගේ හිත යට කලාතුරකින් ඇහෙන ගීතයක් නිම්නාද උනා 

පෙලින් පෙලට රිය් පෙරහැර අද නැත
දොරින් දොරට ආසිරි ගී හඩ නැත
හැඩට රුවට තැලි පිලිද නැතේ මට
එනමුදු අද ඔබේ මනමාලිය මම

ඔව් ආදරයත් නැති මනමාලියක් ඇය එහෙම් හිතිවෙ තනියෙන්ම හිනාවෙන ගමන් එතකොට ඇය දුටුව දර්මප‍්‍රියගෙ උකුල උඩ තිබුනු එයාගේ අතේ ඇගිලි මොකද්දෝ තාලෙකට චලනය වෙන එක එයාගේ හිතේ මොන සින්දුවද වාදනය වෙන්නේ කියල හිතනකොටත් රතය ලැගුම් හලට ඇවිත් ඉවරයි.

යුගල ඇදක් කුඩා කන්නාඩි මේසයක් පමනක් තිබුනු ලා දම් පාට බිත්ති තිබ්බ කාමරේ එකම ජනේලය ගන තිර දාලා තිබුනා, ඈතින් මුහුද හෝ ගාන සද්දේ ඇහුනට ජනෙල් තීරේ ඈත් කරල බැලූවම නිර්මලා දුටුවේ ජනේලෙ එල්ල වෙලා තියෙන්නේ පාාළු පොල් වත්තකට බව කදුකරෙත් නොවන මුහුදුබඩත් නොවන පහතරට ගමක හැදුනු නිර්මලාට මුහුද කවදත් අපුර්වත්වයක් හා කිතිකැවෙන හැ ගෙනාවා,පෙනුන් නැති උනාට මේ ලගම ඇති මුහුද ඇය හිත හදා ගත්තා


ඔෆිස් බෑග්එක ඇරල පැනි බීම බොතලක් ගත්ත ධර්මප‍්‍රි්රිය එක නිර්මලා ඉස්සරහම කඩලා උගුරක් කටට හලා ගත්තා, 
”මම වොශ් එකක් දාගෙන එන්නම් එතකන් ඔයාත් බොන්න ”
බීම බොතලේ ඇය අතට දීලා නාන කාමරේට රිංගුවෙ සාක්කුවෙ තිබුනු මුදල් පසුම්බියයි තව දේවළුයි මෙසේ උඩට දාලා.
එහෙම වීසි කරල ගිය පසුම්බියේ දෙතුන් දාහක සල්ලි එක්ක උපත් පාලන කොපු ඇසුරුමක් තියනවා දැකල නිර්මලාට හිතුනේ ඔහු ගොඩක් පරිස්සම්කාරී පුරුෂයෙක් කියල. ඒක ඒ වෙලාවෙ එතනට  ඕනි කරන මට්ටමේ ඇගේ නිදහස හා සැහැල්ලූව වඩවා ගන්න උපකාරී උනා.




අවුරුදු හය හතකින් පිරිමියෙක් ඉදිරියේ මෙලෙක් නොවූ ඇගේ සිරුරත මෙලෙක් කර ඔහුගේ අනසකට යටත් කර ගැනිමට ඔහුට බොහෝ වෙලා ගතවියx එහෙත් ඒ සක‍්‍රාන්ති කාලය ඇයට තම සරුර තුල එතෙක් අරක් ගෙන සිටි යම් වැට කඩොලූ බිද හැර සපුරා ඔහු වෙනුවෙන් පිදෙන්නට අවශ්‍ය ජවය උපදවා ගැනීමට උපකාරී විය.
ඉන්පසු ස්ථර දෙකේ මෙට්ටය දැමූ දැව යහන විනෝද උයනක් බවට රූපාන්තරනය  විය. එහි පාද සතර ඈතින් ඇසෙන මුහුදු ඝෝශාව විසින් රළ හැපෙන මුහුදු වෙරලට රැුගෙන ගියහ. සයනය මත උඩුකුරුව වැතිර සිටි ඇයට දම් පාට සැන්දෑ අහස මත ඉගිහෙන මුහුදු ලිහිනින්ගේ කෑ ගැසීම් හඩ පවා ඇසෙන්නට විය. ඉන්පසු ඇයට දැනුනේ ප‍්‍රචන්ඩ එහෙත් මුදු පහසින්ද යුතු විශල් යෝධ රළක් මත පාවෙනු මෙනි.

අතරින් පතර ඇයගේ ඇගිලි තුඩු වලට හසු වූ ඔහුගේ ඝන මාන්ශ පේශි වලින් හා ශක්තිමත් පොර බැදිලි වලින් ඇයට ඔහු කිව්ව වයසටත් වඩා අඩු තාරුන්‍යයේ සිටින බවකි. නිර්මලා කිව්වේ ඇගේ වයසින් හරියටම අවුරුදු තුනක් අඩු කරල එතකොට තිස්ගනන් වන නිසා ඇයට පහසුවක් උනා ඔහුට මුහුන දෙන්න.ඈ  ඔහුගෙ සිරුරේ වෙලෙමින් හිදින ඒ මොහොතෙදිත් ඇගේ ඒ උපක‍්‍රමය ගැන ආඩම්බර උනා.

මෙතෙක් කල් වැඩට යන එන රෙදි හොදන දර පලන ආදී එකම රටාවකට චලනය වන ඇගේ අත පය ඔහු ලේසියෙන්ම නුහුරු ඉරියව් වෙත රැුගෙන ගියා. ඔහුට අවනත වනවා හැරෙන්නට ඇයට ඇත්තටම කිසිදු දෙයකට ඉඩක් ඔහු නොතිබ්බා, සිය සිරුර ගැන එහි පිරිමින්ට ආශක්ත කරගැනීමට ඇති දෙයක් නොමෑතියයි ආත්මය වෙලා සිටි හීනමානය කුඩු කරන්නට ගෙදරට නාකි වෙමින් යන සිරුරකට මහත් වටිනාකමක් දෙන්නට ඔහු හරියට එවා කලින් දැන ගෙන හිටිය වගේ පෙලඹුන එක ගැන ඇයට තිබුනේ විශ්මයක්.

දම් පැහැති අහස වසා ගනිමින් රත් පැහැ අවසන හිරු එලිය රැුදි වලාකුලූ විසිරිනි, හාත්පස සිසිල් සුලගත් සමග අදුර ගලා එන්නට පටන් ගත්තේය. වෙගවත් රළ පහර විසින් වෙරල මායිමේ කොරල් පර අතරට රැුගෙන ආ මුහුදු දිය ආපසු ගලා ගියේ සියුම් වැලි තට්ටු වලින් අපමන රටා ඒ කපොළු මත ඇද තබමිනි, ඒ වන විට ඒ දැව යහනේ කකුල් සතර රල විසින් ගොඩට ගෙනෙන ලද වැලි තට්ටුවක හරි අඩකම ගිලී ගොස් තිබිනි
ඒ සයුරු තරනයෙන් පසු ඔහු ඇයගේ සිරුර මත විඩා නිවමින් වැතිර සිටියේය. සෙමෙන් මුදු ලෙස ඇය ඔහුගේ සිරුරත පිරිමදින් සිට්යාය, ඒ අසිරිමත් නිහඩ සුයාමයෙදී ඔව් නෑ බෑ තරගයක තහනම් වචනයක් මෙන් මම ආදරෙයි කියා ඇයට කියවෙන්නට ගියත් ඒ කෙනෙහිම ඇයට ඔහුගේ සුරත මත ඇති මගුල් මුද්ද ස්පර්ශ වූ නිසා එය වැලකිනි.

ටිකකින් ඔහු ඈත් මෑත් කර නැගී සිටි ඇය ඇද පසෙක හිද ගත්තාය, ජනෙල් තිරය ඇත් කොට එලිය බැලූ ඇය දුටුවේ පොල් ගස් වල පැහැදිලි සෙවනැලි ඇදුනු හුදකලා පොල් වත්තයි  ඇත්ත ලෝකයේ තාම වෙලාව සවස දෙක පසු වී නැති බවද එකෙනෙහිම ඇය වටහා ගත්තාය.
ඒ විරාමය අතරතුර අවදි වූ ඔහු
”ඇයි තනියම ඉන්නේ? , එන්න මම ලඟට” 
කියමින් ඇය ඔහු කරා ඇද ගත්තේය
සැබවින්ම ඇය ඒ ඇරයුමට අශා කලාය, මෙතෙක් කල් බොහෝ දෙනා දහස් වර ඇගෙන් ඇසුව ඒ එකම පැනයට  ඔහු  අලූත් කොටසක් ඒකතු කර තිබීම ඇයගේ සතුටට හේතු විය.

ලැගුම් හලේ සිට බස් පොලට යන අපසු ගමන ත‍්‍රී වීල් එකක් නැතිව  පයින්ම යාමට ඔවුහු කතිකා කර ගත්හ. මුලින්ම ඔහුත් ඊට ටිකකට පසු ඇයත් ලෙස වාර දෙකකට  ලැගුම් හලෙන් ඒ කුඩා පාරට පිවිසුනු ඔවුහු මද දුරක් ගොස් එක යුවලක් මෙන් කතා බහ කරමින් ගමන් ග්ත්තේ පුර්ව සුදානමකින් තොරවමයි.

”ගං ගොඬේ උනාට අපි ඉන්න හරියත් මේ වගේ තමයි  පර්චස් තිහ හතලිහේ පොඩි ඉඩම්, මහගෙදර වත්තේ කෑල්ලක් වෙන් කරගෙන් මාත් ගෙයක් හැදුවෙ මහ ගෙදර මල්ලිට දෙන්න  ඕනි නිසා. කාමර කැලි දෙකයි මැද සාලෙයි කුස්සියයි හදලා වහලක් ගහන්නේ නැතිව ස්ලැබ් එකක් දැම්ම, කවදා හරි උඩ තට්ටුවක්  හදා ගන්න, එත් තාම කපරාදු ගහල වැඩ ඉවර කර ගන්න පුළුවන් උනේ බුදියගන්න කාමරේ විතරයි. පොඩි දුව මල්වර වෙන්න කලින්වත් කොහොමහරි යට කෑල්ල ඉවරයක් කරගන්න තමයි මම ට‍්‍රයි එක දෙන්නේ ”

”අපේ පැත්තෙනම් තියෙන්නේ ටිකක් ලොකු  ඉඩම්, මොකද එවායේ තියෙන තේ පොල් ගම්මිරිස් වගේ ඒවයින් තමා ගොඩක් අය ජීවත් වෙන්නේ අපේ වත්තෙත් පොල් පුවක් ගම්මිරිස් පිරිලා අම්මනම් කියන්නේ අපේ වත්තට හරියට ඉර එලියක් තියා හුලගක්වත් හමන්නේ නෑ කියලා. ඒ මදිවට අපේ ගෙදෙට්ට බස් පාරෙන් හැරිල අතුරු පාරක් දිගේ ඉඩම් දෙක තුනක් පහු කරන් යන්නත්  ඕනි මුලින්ම තියෙන අක්කර දෙක තුනක වත්ත ඒ පැත්තෙ පරන පරම්පරා ගෙදරක් එකෙ හිටපු වයසක දෙන්න දෙමහල්ලො මැරිල දැන් ටිකක් කල් දරුවො ඔක්කොම ලොකු ලොකු තැන් වල ගමෙන් පිට ඒත් මහගෙදර කාටවත් ලියල තිබිලා නැ දැන් දරුවො නඩු කියනවලූ අයිතිය ගන්න ඉඩන් නඩු ලෙසියෙන් ඉවර වෙන එකක්යැ කාලයක් තිස්සේ ගේ දොර කැලැ වැවිලා පොල් ගස් පුවක් ගස් වල පවා ලෝකපාලූ වැල් වැවිලා වැල් ගොල්ලෑව ,මූසලයි  ඒ හරියෙ ඉන්න කෙනෙක් මිසක් පිට කෙනෙක්ට හිතෙන්නෙ නෑ එතින් එහා මිනිස්සු ඉන්නවද ගෙවල් තියනවද කියලවත්”
ඔවුහු බස් පොලට එනතෙක් කතා කර කර අවේ එවැනි දේවල්ය.
........................................................................................................................

ජංගම දුරකථනය අධාරයෙන් ඔහු රූපගත කෙරූ කුඩා රූප පෙල නොවන්නට ඒ සිදුවීම එතනින් නිමාවන්නට තිබිනි. ඔහු ඒ දගකාර කම කර තිබුනේ සැබැවින්ම ඔහුගේ විනෝදය පිනිස බව  ඕනි දෙවොලක ගොස් සහතික කර කීමට ඔහුට හැකියාව තිබිනි, තම දරුවන්ගේ හා සමීපතයන්ගේ විවිධාකාර ඉරියව් රූපගත කර නැරබීම වරදක් නොවන සේ තමන් පමනක් රස විදිනවනවනම් මෙයත් වරදක් නොවන බව කියන මතයකටද ඔහු එලඹිලා හිටියා. සමහර දවස්වල ඔහුම මේ රූපාවලිය රහසේම නැරඹුවා මිස කිසි කෙනෙකුට ඒ බව එතෙක් පැවසුවේවත් නෑ. තම සගයන් සමග කන බොන වෙලාවකට  ”මමත් බඩුවක් ගැහුවා මචාං” කියා  සියලූ දේ නම් ගම් මනස්කල්පිත කර පැවසුවා මිස කිසි කෙනෙකුට එහෙම දෙයක් තිබෙන බව ඇගව්වෙවත් නෑ. අනික ඔහු ජංගම දුරකතනය ඒ කාමරයේ කුඩා කන්නාඩි මේසය මත තබා එය රූපගත කල නිසා සම්බෝගය අතරතුර උපත්පාලන කොපුව ගැනීමට ඒ දෙසට නැඹුරුවීමෙන් ඔහුගේ මුහුනද එක් තැනක දර්ශනය වෙනවා. ඉතින් මෙය ප‍්‍රසිද්ධ කිරීමට ඔහුට කිසිසේත් උවමනාවක් තිබී නෑ. 
එහෙත් දවසක් බස් රථයක් තුල අතපසු වීමෙන් සිය ජංගම දුරකතනය නාදුනන පුද්ගලෙකු අතට පත් වීමෙන් සියල්ල වෙනස් උනා. ඒ පුද්ගලයා මෙය ලග පාත අයට බෙදා හැරීම අන්තර්ජාලය දක්වා පැතිරීම දකවා දුර දිග ගියා. මේසය මත තිබූ ඇයගේ කාර්ය්‍යාලිය අත් බෑගය අඩු පඩු ඒ නිශචල කැමරා කොනයේ මුලූ සිදුවීම පුරාම රැුදී තිබුන නිසා මෙය”ඔෆිස් අක්කා” නමින් නම් කර ප‍්‍රසිද්ධ කර තිබුනා.