සිලක් පුහ් ගා නිවෙන ලෙස
හිටි ගමන් අතුරුදන් වෙන එක
නෙවෙයි වෙන් වෙන්න හොදම විදිහ
දැකල දැකලම කරමලේ සුදු උන
කුකුලෙක් වෙන්න ඔබ මලම කරදරකාර
ඇයි ඔබට එන්න බැරි සති පොලට
එලෝලු විකුනන්න මම නොකන කරවිල
තුක් මොකට හැදෙනවද මේ තිත්ත කරවිල
පොලොවේ තියන රහත් තිත්තකට හරෝගෙන
මම බලා නොබලා යන්නම් හිතින් බැන බැන
නිති පතා යන එන දොරටු දෙකේ බස් එකක
කොන්දොස්තර රුවන වී ඔබ ඉන්න එහෙනම්
ඉතිරි රුපියල නොදී ඉන්න ඕනැමයි ඔබ
මටත් ඉල්ලන්න ලැජ්ජයි කොහොමත්ම
හිලව්වට රව රව මම යන්නම් ගමනාත්තයටම
ටිකක් සැර වැඩී තමයි ඒ පල්ලම් බැස්ම
හොදම විදිහකි දින පතා නරඹන මලා නාටකයකට එන එක
එන්න එහෙනම් හැමෝම බනින දුශ්ට චරිතයක වෙස් ගෙන
හරිම ලේසි අනේ ටයි කෝට් දාගෙන නපුරුකම් කරන එක
මමත් අම්මත් අක්කත් එකලෙසට එකට ඉදගෙන
බනින්නම් එතකොට පලු යන්න මදි නොකියන්න
ඔබ කදිම පෙම්වතෙකි
ආදරය ගැන දාර්ශනික බස් දොඩවපු
වෙන් වෙන්න හරිම විදිහවත් හරියටම නොදන්න
ඒ ගිරග මත බොහෝ මල් පිපී තිබිනි
නෙක රුවින් හා පැහැයන්ගෙන්
සමහරක් නම් දන්නා
සමහරක් නම් නොදන්නා
එ'ගිර තරණය කල ඔවුහු
වහා වැළඳගති එ'මල් පෙලහර
අහා කෙතරම් සොඳුරුද මේ මල්
විඩා නිවමින් සෙමෙර සැලුවා ඒ මල්
එතකින් නොසෑහී ඔවුහු
සොරා ගත්තා මල් ඇටද අතු රිකිලිද
රැගෙන ගොස් පැලකරනු රිසි
ඔවුනොවුන්ගේ කුඩා ගෙඋයන්වල වල
නොදත්තවුන් මෙන්
ගිරි මුදුන් වල තැවරෙන
ලපටි හිරු එලියෙන් අච්චුව තැනුන බව
නිති පතා හැපෙන මේ කුළු පැහය දියකර
ඒ ලා පැහැති වර්ණ ඉපදුන බව
ගිර'ග පිස හමන සුළං කතුරෙන් කපා ගෙන
පෙතිද , රේණුද හැඩ වැඩ දැමූ බව
ගිරි තරණෙන් පසු පමණක් විදිය යුතු
මල් සෞන්දර්යයක් එතන වූ බව
මෙය ඔබට කිසිදිනක කියන්නට
නොහැකිවන කතාවකි
සත්‍යයක් ඇත එහි තැනක දැවටී
එදා මා දැන නොසිටි
නිති පතා අද මා දකින
මගේ කුටියේ කවුලුවට නුදුරින්
ගරාවැටුනු නවහනක නටබුන්ය
එදා සෙනේ දිය පිරී වැගිරුනු
පවුලක හද දහම් රැහැනක
තිබිරිගෙය බදු වූ
කාමර කුස්සි දොර ජනෙල්
දිරයි මලකයි පුපුරයි
මියෑදෙයි පොලොවටම පස්වෙයි
නව දලු ලමින් වෙලෙමින්
මුල් ද පසුරුද වෙලා බැදෙමින්
දිනෙන් දින ලියවැලක් එතෙයි ඒ වට
ලෝකපාලු ය නමින් ම මූසල
කොහෙන් පැමිනියෙද ඒ ලතා කලලය
කෙසේ හැදී වැඩෙනුයෙද තට්ට තනිවම
මියයන මේ කුඩා ලෝකය මත
නොමරුනු එකම දේ එය වෙයි
ඒ නිහඩ හංස ගී වලප
තිරයකින් මුවා කොට සගවන
මෙය ඔබට කිසිදිනක
කියූවත් වැඩක් නැති කතාවකි
මේ කතාවේ අරුත පසිදා
ලදුන් හා ගති සොබා රූ ඇති
ලතාවක් හා බැදී වෙස් ගත්
ඔබ නොහදුනනු ඇති ඔබවම