Saturday, December 21, 2013

නුවර එලි යන අතර මග



 
 
 
 
 
හරිත කදු තිර මැද
නලමුදු සුවද පිරි මිදුම -නිකැලැල්ය
රිදී දිය දහරින් ගෙතුනු
දියඇලි නමින් රගදෙන - අගනුන්ය

සිහිනමය පෙදෙසකට නගින
සිතුවම් රූප පියගැට පෙල මත
කලවම් වෙලා ලියකම වෙනස් කරයි

වන්ගුවෙන් වන්ගුව රැදී හිද
ගොවා මිටි කැරට් අල මල් පොකුරු
දික් කල පොඩි ලමයි

සිහින රැදෙනා කදු හිස් නගින මග අතර මග
සිහින මියැදෙ අසමාන පියගැට නිසා දුක්බර
සිහින ජය ගැනුමට මන් මුලා නොම වී අතරමග
සමානව සැලකිය යුතුය සෑම තලයකටම වී වෙර