Thursday, October 10, 2013

ඇයට හොදටම මතකය තාම..


















ඇයට හොදටම මතකය තාම හැම දේම
ඉර මැරෙද්දී දවසක ගගක ඉවුරක සවසක
ගග උනත් තරබාරු මැදිවියේ අගනක් ඒ වෙනොකොට
හොද දේකට කොහෙත්ම හොද නැති මොහොතක
ඔහු මාන බලනකොට සුදුමුදු තඹර පහසට
පුදුමෙකට වගේ ඈ ඇද සිටියෙත්
රත් තඹුරු පාට ගව්මකි කර පලල්
පොල් කටු දෙක තුනක් ර
ත් කරන්
මදින විට ගව්ම රැලිතිය තියා සීරුවට
හිතේ ඔරලොසු කටු දිව්වෙ බැන බැන

තර
බාරු මහලු අගනක්ව
ජීවිතෙ ඉර මැරෙන කාලෙක
නැවත පැමිනෙන විට ඒ මතකෙට
ඇයට හොදටම මතකය තාම හැම දේම
එකම එක ඔනිම කරන දෙයක් මගහැර
එදා ඔහු ඇටව්ව ඒ උගුලට
දැන ගෙනම නොදැනෙන ගානට වැටෙනකොට
හිත පුරා උඩුදිව්ව මිහිරි කෝමල කෙලි හැගුම නැති
මැරුනු මතකෙකි එය නොමැරුන

ඉතින් වැලපේ ඇය අද අඩු නැතිවම
අමතක වුන එක ගැන නොවේ ඈ ඔහුටද

යලි කිසිදිනක නොදැනුන
හීනෙක පවා නොරැදුන
මතකෙක පවා නොපිපෙන
ඒ හැගුම් අහිමිව පාවෙන
මතකය තිබෙන එක ගැන ඇයට හැමදේම