Saturday, September 14, 2013

ප්‍රේමයේ නගරය

 
 
 
 
 
 
 
 
 
 
 
ප්‍රේමයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ..


බොහෝ දන එකා මත හැපී මැඩවෙන
ලාබ සලුපිලි වෙළද රැලි හැපී විසිරෙන
පිටකොටුවෙ විදී අතරතුර යට මදයෙහිද
මහා සිතියම් වල සදහනක්වත් නැති
බොහෝ පටු මන් ඉඩකඩ තවම ඇත
මිනිසුන්ට මිනිසුන් හමුවන

මාවතක් නොවුවත් රාගයේ
කලබල නොවිය යුතුමය ඔබ
සොයා පදා ගතයුතු ඔබවිසින්
නම් නොකල බොහෝ තැන් ඇති
ඒ ප්‍රේමයෙ නගරයේ සැගවගත්