Sunday, May 8, 2011

වැලපෙන සිදුරු




ඔබ සිටින උස් බිම

මම සිටි පහත් බිම
වෙන්ව සීමා කල
රැඳැවුම් බිතු මත
වැලපෙන සිදුරු
වෙති දුක්බර
මායිම නොබිදයවා
සදා රදවනු පිනිස
උස් පහත්කම්

Saturday, May 7, 2011

සොඳුර නුඹ ,මම හා සඳ



සොඳුර මතකද?

එදා අප දුටු සඳ අසිරි සිරි
සොමි සඳ කැලුම් හලමින්
පහන් හැගුමන් වවමින්
දියත කුටියෙහි එල්ලුන

ජීවිතේ දහවල දිනක
අප තුනු හද මස තුලට බැස
නුගි නුරා ගිනි පුලිගු සැගවුව
එපමනක් නොව
සුදු කිරන ඇතිරිල්ල එලලා
මධුසමය මල් යහන සැකසුව

එහෙත් අද දකිත හැක
සෑබෑ සඳ පවත හරියට

බිදෙන් බිද එලි කිරන සොරා ගෙන
වකෙන් වක කිරන කඳ වඩවනා
අඩ මසක් තුල බොහො අරපරිස්සමට
එහෙත් ඒ එලි කඳ
සැහෙනුයෙ එකම එක රැයකටය
පුර පසලොස්වක එකම දවසකිය මසකට
එයින් පසු ඇරබේය දියවීම මියයාම
හුලු අතු නිවී යන පරිදි ලෙස නොව
වකෙන් වක වියැකෙමින් මිය යයි
මහත් වෙදනාකාරි ලෙස
හිදුනු පසු කිරන කඳ පතුලටම
එකම දවසක් පමනි උරුම ඉසිබුවකට
අමාවක එක දිනක් පමනිය මසකට
නැවත ඇරභිය යුතුය
පෙර මෙහෙය මුල සිට

අන් කිරන කඳකින් යැපෙන
සඳ මහත් අසරනියකිය අද

මඟින් මඟ ජීවිතේ සැප සතුට සොයා ඇවිදින
සොඳුර නුඹද , මමද ,සමගම සඳ
එකම පවලම් පොටක ඇමිනී ඇත අද

මොනම දේ පැහැදුවත් අපි අපේ පැටවුන්ට
නොකියා සිටිය යුතුමය සඳ පවත හරියට
මධු සඳ පහස විඳ හිතු හිතූ හැටියට
ඔවුනොවුන් සොයා ගනු ඇත විනිවිද
සෑබෑ සඳ පවත හෙට