Wednesday, September 16, 2009


















මල් ඵල ගත් ප්‍රේමය


ඔබ මලක් වී
පිපුන තැන දැන්
ඵලයක්

පාරමී පැතුම්
බිජු නොමැති
විරහ පිලිකා
සෛලයෙන්
සුසැදි
හිස් නොවන
හිස් තැනක්

ඔබව හැර
අන් සියලු
දේ නසන
හලාහල විශ
රැදෙනු
ඵලයක්

Wednesday, September 2, 2009

















තිදෙනෙක්ම සිටි

ඔබේ මධු සමය


ඔබටමයි ඇයටමයි
කියා ඇරඹුවද

මධු සමය
තිදෙනෙක්ම සිටියෝය
ඔබෙ මධු සමයට

තමන් වෙනුවෙන්ම
නොවූ ලොවක හිද
හැගුම් වෘකයින්
මැද නග්නව
සාරගී රත් පියුම්
පොට්ටු ඇහැරවා
මනි පත් ඈත් කොට
හැගුම් හැඩි දැඩි කොට
රතී පණ්චායුධ මුවහත්
කල "කරගල"පමනද
මම අද ඔබට?
මගේ ප්‍රේමය
තුනී කර ලඝුකර
"පවාඩයක්" කර
ඒ මතින්
ඔබව උදුරා මගෙන්
ඇය කරා දැක්කුව

ඔබ ඇය හා සමග
මධුසමය පුරාවට
වෙලී පැටලී බැදී
සිටිය නොවෙද
ඒ නොහොබිනා
සම්මතය